අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාරේ ඉඳන් ඔන්ලයින් ඉගෙන ගත් ළමුන්ට 4G ලැබෙයි

by Lanka Sara Editor
දෙසැම්බර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කෙලින්කන්ද ග්‍රාමයේ දරුවන් පිරිසක් පාර දෙපස සිට ඔන්ලයින් අධ්‍යාපනයේ නිරත වන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය වල පළවීමත් සමග වහා ක්‍රියාත්මක වූ විදුලි සංදේශ නියාමන කොමිසම කළුතර දිස්ත්‍රික්කයට අයත් කෙලින්කන්ද ග්‍රාමයට ඊයේ (04) 4G ආවරණය සහිත සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කෙලින්කන්ද විදුහල් භූමියේදී ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

ඡායාරූප පළවීමෙන් පසු විදුලි සංදේශ නියාමන කොමිසම සති දෙකක් තුළ 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් කෙලින්කන්ද ප්‍රදේශයට ලබාදීමට පියවර ගත්තේය.

ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සහ ඩයලොග් සමාගම් එක්ව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසමේ අධීක්ෂණයෙන් සන්නිවේදන කුළුණු ස්ථාපනය කළ අතර ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ ශ්‍රම දායකත්වය සහ සහයෝගය ඒ සඳහා ලැබී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් රජය ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. දිවයිනේ සියලු පළාත් ආවරණය වන පරිදි 4G තාක්ෂණය සහිත සන්නිවේදන පහසුකම් සැලසීම එහි අරමුණයි.

කෙලින්කන්ද ග්‍රාමයේ බහුතර ජනතාවගේ ජීවනෝපාය සලසා ගන්නේ භෝග වගාවෙන් සහ සුළු කර්මාන්ත වලිනි. ප්‍රදේශය විටින් විට ස්වාභාවික ආපදාවනට ගොදුරු වෙයි. සන්නිවේදන පහසුකම් නොතිබීම එවන් අවස්ථාවලදී ජනතාවට සහන සැලසීමට බරපතළ බාධායක්ව පැවතිණ.

නව සන්නිවේදන පහසුකම් සමග දූ දරුවන්ගේ අධ්‍යාපනය සේම ප්‍රදේශවාසීන්ගේ ආර්ථික, සමාජ ජීවිතය ද වැඩිදියුණු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඊයේ වැඩසටහනට සමගාමීව කෙලින්කන්ද ප්‍රාථමික විද්‍යාලයට පරිගණක යන්ත්‍ර ප්‍රදානය කිරීම ද සිදු වූ අතර විද්‍යාලයීය පරිගණක විද්‍යාගාරයක් සඳහා මුල්ගල තැබීම ද විදුලි සංදේශ නියාමන කොමිසමේ මූලිකත්වයෙන් සිදු විය.

ඩයලොග් සහ මොබිටෙල් ආයතන කෙලින්කන්ද ජනපද ප්‍රාථමික විද්‍යාලයට පරිගණක සහ දරුවන් සඳහා පාසල් උපකරණ බෙදා දුන්නේය.

පූජ්‍ය රදලියද්දේ පුණ්‍යරතන හිමි, පූජ්‍ය මනම්පිටියේ තිලකසිරි හිමි, මොබිටෙල් සහ ඩයලොග් ආයතන දෙකේ නිලධාරීහූ පිරිසක් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පත්තරේ කාටූනය දැක ඇමති බන්දුල පරල වෙයි

Next Post

අද තවත් කොවිඩ් ආසාදිතයන් 669ක් වාර්තා වේ… දෙවන රැල්ලේ මුළු ගණන 23674යි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.