පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදේශ ගමන් තහනම් කරමින් අධිකරණ නියෝගයක්!

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF ) නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් කිළිනොච්චිය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (6)    පනවා තිබේ.

කිළිනොච්චිය මරදන්කේණී පොලීසිය විසින් අධිකරණයට කරුණු දක්වමින් ඉදිරිපත්කරණ ලද වාර්තාවකට අනුව කිළිනොච්චිය අධිකරණය මෙම තහනම් නියෝගය පනවා තිබේ.

ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයා තවත් පිරිසක් සමග කිළිනොච්චියේ විභාග මධ්‍යස්ථනයක් වෙත ගොස් එම විදුහල් භූමියේ දේශපාලන රැස්වීමක්  පැවැත්වූ අවස්ථාවේදී පොලීසිය ඊට විරෝධය දැක්වීම නිස මන්ත්‍රීවරයා පොලීසිය සමග ගැටුමක් හා බහින් බස් වීමක් ඇති කරගෙන ඇතැයි පොලිිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මරදන්කේණී පොලිසිය මේ සිද්ධිය සම්බන්ධයෙන්   කිළිනොච්චියේ දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් දෙදෙනාව ජූනි මස 7 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තැබීමට කිළිනොච්චිය අධිකරණය නියෝග කොට තිබුණි.


මේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාට මරදන්කේණී පොලීසියට පමිණෙන ලෙස අවස්ථා කීපයක්ම දැනුම් දෙන ලද නමුත් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට යාමට ඇති බව කියමින් පොලීසිය මග හැර සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අවස්ථාවේදී පොලීසිය කිළිනොච්චිය අධිකරණයට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව මන්ත්‍රීවරයාට විදෙස්ගත වීම වලක්වමින් නියෝගයක් පනවා තිබේ.

Exit mobile version