පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනයක් තුළ වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාව  පාර්ලිමේන්තුව නැරඹීමට   පැමිණෙයි…

පාර්ලිමේන්තු ඉතිහාසයේ දිනකදී වාර්තාගත වැඩිම පාසැල් සිසුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා  අද (01)  පැමිණි බව වේත්‍රධාරි නරේන්‍ද්‍ර ප්‍රනාන්‍දු   පැවසීය. 

ඒ අනුව, දිවයිනේ විවිධ ප්‍රදේශ නියෝජනය කරමින්, පැසැල් 32 කට අයත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 5000 කට අධික පිරිසකට අද දවසේදී පාර්ලිමේන්තුව නැරඹීමේ අවසරය ලබා දී ඇති බවද ඔහු වැඩි දුරටත් පැවසීය. 

ලෝක පාර්ලිමේන්තු සමග සැසඳීමේදී ද, එක් දිනක් තුළ මෙපමණ ශිෂ්‍ය පිරිසක් පාර්ලිමේන්තුව නැරඹීම සඳහා පැමිණීම වාර්තාවක් විය හැකි බවද තවදුරටත් වේත්‍රධාරිවරයා සදහන් කළේය. 

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තබන ලද මහජන ගැලරිය පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පසුගිය සැප්තැම්බර් 19 වන දින සිට නැවත විවෘත කිරීමෙන් පසු 25,000 කට වඩා වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් දිවයිනේ විවිධ ප්‍රදේශවල පිහිටි පාසැල් නියෝජනය කරමින්, පාර්ලිමේන්තු විවාද නැරඹීම සඳහා පැමිණ ඇත. 


තවද, 2023 වසරේ ජනවාරි මාසයේ සිට පාර්ලිමේන්තුව නැරඹීම පිණිස පැමිණෙන සෑම පාසැල් සිසුවෙකුටම, නොමිලේ කිරි වීදුරුවක් ලබා දීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද, ඔහු  සඳහන් කරයි. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම කර්තව්‍යය   කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් ගත් ඒකමතික තිරණය අනුව  කථානායකතුමා,  සභානායක,   ආණ්ඩු පාර්ශ‍්වයේ ප්‍රධාන සංවිධායක  සහ   විරුද්ධ පාර්ශ්වයේ නායක  ඇතුළු සියලු පක්ෂ නායකයින්ගේ ආශිර්වාදය මත සිදුකෙරෙන සද් කාර්යයක් බවද, නරේන්ද්‍ර ප්‍රනාන්දු  වැඩිදුරටත් පැවසීය.

Exit mobile version