අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි අභ්‍යන්තර දේශපාන ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීන වූ ඩලස් අලප්පෙරුම අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටත් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත.
මේ තත්ත්වය තුළ ඩලස් අලහප්පේරුම බොහෝ විට ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් නොවීමට ඉඩ ඇති බව වාර්තා වේ.
දැනට 20 වැනිදා පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන සර්වපාක්ෂික ආණ්ඩුවේ ජනාධිපති ධූරයට පාර්ලිමේන්තු නියෝජිතයන් 04ක් ඉදිරිපත් වී සිටිති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, 43 කණ්ඩායමේ නායක පාඨලී චම්පික රණවක, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ අවස්ථාව සඳහා ඉදිරිපත් වී සිටිති.
පාර්ලිමේන්තුවේ බහුතර බලය පොහොට්ටුවට ඇති තත්ත්වය තුළ බොහෝ විට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සර්ව පාක්ෂික රජයේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.







