සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ දී පතුරු ගිය අජිත් පී ගේ සහ කිරිකෝඩු කිරිඇල්ලගේ අධි නීතිඥකම!

by editor
දෙසැම්බර් 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව ඇති වී තිබෙන සංවාදය අද පාර්ලිමේන්තුවේ දි පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇදුනේය. මෙහිදී ආණ්ඩු පක්ෂය ඉල්ලා සිටියේ වැඩකට නැති සංවාද ඇති කර රටේ වැදගත් ප්‍රශ්න මගහැරෙන ආකාරයට කටයුතු නොකරන ලෙසත්, වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන ලෙසත්ය.

ගලක් ගහන්න කලින් දෙපැත්ත බලලා ගහන්න. අධිකරණ ඇමති කතා කරමින් කීවේය. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරාගේ සහ චමින්ද්‍රානි කිරිඇල්ලගේ අධි නීතිඥ නතනතුරු අවභාවිතය ගැනය අද පාර්ලිමේන්තුව තුළ ප්‍රශ්න කළේය. නීතිඥ හෂාරා ලියනගේ මන්ත්‍රීවරිය ද චමින්ද්‍රාණි කිරිඇල්ලගේ අධි නිතිඥ ධූරය ගැන ප්‍රශ්න කළාය.

අධිකරණ ඇමති හර්ෂණ නානායක්කාර මේ පිළිබඳ සංවාදය මෙසේ මතු කළේය.

“අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උපාධි සහ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධව ප්‍රශ්න කළා. මෙතෙක් කල් හොරු මීනිමරුවො එතනෝල් කාරයො ගැන ප්‍රශ්න කළ ජනතාව දැන් පාර්ලමේන්තුවේ නියෝජිතයන්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන ප්‍රශ්න කරනවා. ඒක නියමයි. ඒ සංස්කෘතික වෙනස ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් ඇති කරලා තියනවා.

ජනතාවට අපව ප්‍රශ්න කිරීමේ ශුද්ධ වූ අයිතිය අප පිළිගන්නවා. අප සංවේදී ආණ්ඩුවක් ලෙස එය පිලිගන්නවා. අප හුදකලා පුද්ගලයො නෙමෙයි. අපි සාමුහිකයක්. මට තියන ප්‍රශ්නය ජනතාවගේ ප්‍රශ්න කිරීම නෙමෙයි. අපව ප්‍රශ්න කරනවා කුණු කන්දක් කඩා වැටිලා මිනිස්සු මැරෙද්දි කිසිවක් ප්‍රශ්න කළ නැති අය. අපව ප්‍රශ්න කරනවා බාල බෙහෙත් ගෙනත් ඒ කල අපාරාධයට විරුද්ධව ගෙනා දෝෂාභියෝගය පරාද කරපු උන් අපව ප්‍රශ්න කරනවා.

RelatedPosts

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

මම අවුරුදු 25ක් නිතිඥයෙක් වෙලා හිටියා. කවදාවත් ආචාර්ය නාමයක් පාවිච්චි කළේ නෑ. හැබැයි දැන් කතා කරනවා ජාතික ජන බලවේගයට ඔබලාට නැති දේවල් ඔබලා කියනවා කියලා. මම කියනවා එහෙම කියන අයට තමන්ගේ දෙපැත්තත් බලන්න. ඒ ඉන්නේ කවුද කියලා බලන්න.

1973 ඉඳලා අපි ඔක්කොම ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරු. නමුත් මේ වෘත්තියේ ඇඩ්වකේට් සහ ප්‍රොක්ටර් කියලා වර්ග දෙකක් තිබුණා. ඒ කියන්නේ එංගලන්තයේ බැරිස්ටර් සහ සොලිසිටර් කියන ආකාරයට තමයි වෙන් වෙලා තිබුණේ. එ

ඒ වගේම 1873 දි නිති විද්‍යාලය පටන් ගත්තට පස්සේ විභාග දෙකක් තිබුණා පෙරකදෝර් සහ අධිනිතිඥ කියන තනතුරු සඳහා. නමුත් 1973 දි මේ තනතුරු දෙක එක තනතුරක් වුනා. 1973න් පස්සෙ ලංකාවෙ සියලු දෙනාම නීතිඥවරු. . නීතිපති දෙපාර්තමේන්තුවෙ හැරෙන්න වෙන කිසිම තැනක අධි නීතිඥවරු ඉන්න විදිහක් නෑ. නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරු අදත් මේ රජයේ අධි නීතිඥ නාමය භාවිතා කරනවා. මමත් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළා. එතකොට මටත් කිව්වේ රජයේ අධිනීතිඥ කියලා. ඒක මගේ අධ්‍යාපන සුදුසුකමක් නෙමෙයි. ඒක තමයි මගේ රස්සාවෙ නම. හැබැයි ඒ රස්සාවෙ නම ඒ රස්සාව තියලා එනකොට අධිනීතිඥ නාමයත් මම තියලා ආවා.

මම කියන්නේ වීදුරු ගෙවල්වල ගල් ගහන්න හොඳ නෑ. තමන්ගේ දෙපැත්තෙ ඉන්න අය දිහා බලාගෙන තමයි ගල් ගහන්න ඕන. මෙතන මම බලාගෙන හිටියා ගරු අමාත්‍ය අජිත් පී පෙරේරා ඉඳී කියලා. එන්න කරුණාකරලා මේක පේන තැනක ඉන්නවා නම්. තව විනාඩි 4ක් තියනවා.

මම ගාව පත්‍රිකා 4ක් තියනවා. ඒ පත්‍රිකා හතරේම අජිත් පී පෙරේරා හඳුන්වා දී තිබෙන්නේ අධිනීතිඥ කියලා. අධි නීතිඥ කියලා කියන්න නම් ඔහු 1973ට කලින් මේ විභාගය කරලා තියෙන්න ඕන. හැත්තෑ තුනෙන් පස්සේ නම් ඔහු නීතිඥ. 1973ට කලින් එතුමගේ වයස අවුරුදු 05ක් විතර ඇති. ඒ කාලෙ එග්සෑම් කරන්න අමාරුයි.

යමෙක් කියන්න පුලුවන් බැරිස්ටර්වරයෙක් වෙලා එංගලන්තේ ඉඳලා ආවා නම් එකේ සිංහල තේරුම අරන් අධිනීතිඥ කියලා පාවිච්චි කරන්න පුලුවන් කියලා එහෙම කරන්න බෑ. මම බැරිස්ටර් වරයෙක්. මම ඒක පාවිච්චි කරන්නේ නෑ. මොකද ඒක අයිති එංගලන්තෙට. ලංකාවට අධිනීතිඥ නෑ. ඒක වංචාවක්. ඒක නිසා මම අභියෝග කරනවා අජිත් පී පෙරේරට. මෙතන නෑ. කැන්ටින් එකේ ඉඳන් හරි ඇහෙනවා නම් ඔබගේ අධිනීතිඥ තනතුරට සහතිකයක් තියනව ද?. ඔබ විභාගයට වාඩි වුනා ද?. එහෙමනම් ඔබගේ ඒ අධිනිතිඥ සහතිකය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඔබ අසත්‍ය කියලා ඡන්දය දිනපු පුද්ගලයෙක්. මම එතනින් එහාට කතා කරන්නේ නෑ. ඒ මනුස්සයා නෑ නේ. මම මේ වැරදියට තනතුරු පාවිච්චි කළ ලේඛන සභාගත කරනවා.

මම කියන්නේ මේ තරම් පහත් තත්ත්වයට වැටෙන්න ඕන නෑ. ලැජ්ජා නැද්ද. අපිට මේකට ද මිනිස්සු ඡන්දය දුන්නේ. මම ඉල්ලනවා විපක්ෂයෙන් දැන් තේරෙනව ද ඔයගොල්ල පැරදිච්ච හේතුව. දැන් වෙනස් වෙන්න. මඩ ගහනවා වෙනුවට සත්‍යවාදීව කතා කරලා මේ පාර්ලිමේන්තුවෙ නීති හැදීමේ ක්‍රියාවලියට එකතු වෙන්න. ඔබලාගේ අදහස් අපට වැදගත්.

කෙසේ වෙතත් හර්ෂණ නානායක්කාර ඇමතිවරයා චමින්ද්‍රානි කිරිඇල්ලගේ නම සිය කතාව අතර පාවිච්චි කළේ නැත. කෙසේ වෙතත් අනතුරුව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෂාරා ලියනගේ සිය කතාව අතර නම සඳ හන් කරමින්ම චමින්ද්‍රානි කිරිඇල්ලගේ අධිනීතිඥ තනතුර යළිත් ප්‍රශ්න කළාය.

“අපි දන්නවා මේ දිනවල අධ්‍යාපනය ගැන කතා කරද්දි නිතරම අහන්න දකින්න ලැබෙන දෙයක් තියනවා. ඒ තමයි තමන් අධ්‍යාපනයෙන් ලබා ගන්නා තනතුරු නාමයන් අවභාවිතා කිරීම අපට දක්නට ලැබෙනවා. මහජන නියෝජිතයන්ගේ සුජාත භාවය ප්‍රශ්න කිරීමට මහජන නියෝජිතයන්ට ඇති අයිතිය අපි එක ලෙසින්ම පිළිගන්නා නමුත් අපේ සුජාත භාවය ප්‍රශ්න කරන ඇතැම් මහජන නියෝජිතයන් සම්බන්ධව අපටත් ප්‍රශ්නයක් තියනවා.”

“විශේෂයෙන්ම මේ ස්ථානයේ සිටිනවා නීතිඥවරුන් රැසක්. ඒ වගේම තමයි අප දන්වා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා කියපු විදිහටම අපේ රටේ අධි නිතිඥ නමින් භාවිතාවක් නෑ.  හැබැයි අපි දන්නවා මේ පාර්ලිමේන්තුව තුළත් විපක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ඉන්නවා අධිනිතිඥ තනතුර භාවිතා කරන. ඒ නිසා අවසාන වශයෙන් මම අහන්න කැමතියි, චමින්ද්‍රාණි කිරිඇල්ල ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තුමියනි, 1973ට පෙර පැවති මේ අධි නිතිඥ තනතුර ලබා ගන්නට ඔබට කොහෙන්ද සුදුසුකම ලැබුණෙ.”

“ඒ වගේමයි. ලෝකයේ කොහේ ඔබ මොන සුදුසුකම ලබාගෙන තිබුණත් අපේ රටේ මේ වනවිට අධිනීතිඥ තනතුර භාවිතා වෙන්නේ නෑ.” හෂාරා ලියනගේ කීවාය. එවිට නැගී සිටි චමින්ද්‍රානි කිරිඇල්ල තමන් අධිනීතිඥ නාමය භාවිතා කරන පදනම සම්බන්ධව පැහැදිලි කළාය.

” මා වර්ෂ 2000 දි බ්‍රිතාන්‍ය බැරිස්ටර් වරියක් ලෙස සමත් වුනා. ඊට අමතරව අවුරුද්දක පුහුණුවක් ලබා ගත්තා බ්‍රිතාන්‍ය ඉහළ පෙළේ බැරිස්ටර් සමාගමක. මට අද වුනත් ඕනෑම බ්‍රිතාන්‍ය උසාවියකට කරුණු ඉදිරිපත් කරන්න පුලුවන්. ඉතින් මම ඔබතුමියට කියන්න කැමතියි මගේ මැතිවරණ සමයෙදිවත් කිසිම තැනක ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අධි නීතිඥවරියක් ලෙස කොහෙවත් සඳහන් කරලා නෑ.”

“ඒ වගේම උදාහරණයක් ගත්තොත් පිටරට උපාධි ලබාගෙන ආචාර්ය උපාධිය ගන්න කට්ටිය ලංකාවෙත් ඩොක්ටර් කියලා යොදා ගන්නවා තමන් හඳුන්වා ගන්න. නොයෙක් වෘත්තීමය සුදුසුකම් ලබන කට්ටිය පිටරට ඒ ලබන්නා වූ වෘත්තිමය නාමයත් යොදා ගන්නවා අපි නිතර දකිනවා. ඒ නිසා මම අධිනීතිඥ කියන නම භාවිතා කළේ. මොකද මම බ්‍රිතාන්‍ය බැරිස්ටර් වරියක් නිසා. ”

“අපේ හර්ෂණ නානායක්කාර මැතිතුමා කතා කළා එතුමත් බැරිස්ටර්වරයෙක් කියලා. හැබැයි මම එතුමාට කියන්න කැමතියි එතුමා බැරිස්ටර් විභාගය සමත් වුනත් එතුමා ඒ අවුරුද්දක පුහුණුව ලබා ගත්තේ නැති නිසා එතුමාට බ්‍රිතාන්‍යයේ කිසිම උසාවියක පෙනී ඉන්න බෑ. නමුත් මට ඒ අවස්ථාව තියනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මට ඒ අධිනීතිඥ කියන නම භාවිතා කරන්න පුලුවන් කියලා.”
චමින්ද්‍රානි කිරිඇල්ල කීවාය.

ඒ අවස්ථාවේ හර්ෂණ නානායක්කාර ඇමතිවරයා පාර්ලිමේන්තු ගර්භයේ සිටියේ නැත. යළි පැමිණි වහාම චමින්ද්‍රානි කිරඇල්ල තම නම සඳහන් කළ බැවින් විනාඩියක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලාගෙන අධි නීතිඥ තනතුර ලංකාවේ භාවිතා කිරීමට නොහැකි කුමක් නිසා දැයි මෙසේ පැහැදිලි කළේය.

“මම බැහැරවුනා සුළු මොහොතකට. ඒ වොලවෙ ගරු මන්ත්‍රී තුමිය චමින්ද්‍රානි කිරිඇල්ල මගේ නම සදහන් කොට ප්‍රකාශයක් කර තිබෙනවා. මා ඒ ගැන මෙහෙම පැහැදිලි කිරීමක් කරන්නම්.”

“ගරු මන්ත්‍රී තුමියනි. ඔබ තුමිය මොන තරම් වෘත්තීය සිදුසුකම් ලැබ තිබුණත් ඔබතුමියට බැරිස්ටර් ලයිෂන් එකෙන් කෙළින්ම උසාවි යන්න බෑ නේ. මෙහෙ ඇවිත් නීති විභාගය කරන්න ඕන. නීති විභාගය කරන්නේ නැතිව මෙහෙ උසාවියකට යන්න බෑ. බැරිස්ටර් කියන එක මෙහෙ පිළිගත්ත තනතුරක් නම් අපට හැකියාව තියෙන්නට ඕන මෙහෙ කන්වර්ෂන් විභාගයක් නොකර කෙළින්ම උසාවි යන්න ඇටර්නි කෙනෙක් වශයෙන්. ඒක ඔබතුමියට කරන්න බෑ. මට කරන්නත් බෑ. මමත් නීති විභාගය කළා. ”

“ඔබත් මමත් නීතිමය ගැටලුවකට මෙතන තර්ක කරන්න ඕන නෑ. ඔබතුමියට ඕන නම් අධිනීතිඥ නෙමෙයි මහාචාර්ය හරි පාවිච්චි කළාට මට අදාල නෑ. මම කියන්න උත්සාහ කළේ නීතියේ තත්ත්වය. මේක පැහැදිලි කරගන්න හොඳම දේ තමයි කවුන්සල් ඔෆ් ලීගල් එඩියුකේෂන් එකට ලියලා අහන්න ඔබතුමියට ඒ තනතුර පාවිච්චි කරන්න පුලුවන් ද කියලා. මොකද මේ රටේ අධිනීතිඥ කියන විභාගය තිබුණේ 1973ට කලින් විතරයි. ”

එහෙත් චමින්ද්‍රානි කිරිඇල්ල තර්ක කරමින් කියා සිටියේ තමන් එංගලන්ත බැරිස්ටර්වරියක බැවින් පිට රට දී සම්පූර්ණ කළත් අධ්‍යාපන සුදුසුකම් ප්‍රකාශ කිරීමේ අයිතියක් ඇති බැවින් තමන්ට අධි නීතිඥ නාමය භාවිතා කළ හැකි බවය.

මේ සම්බන්ධව තර්ක කරමින් පාර්ලිමේන්තුවේ කාලය කා දැමීමට තමන්ට අවශ්‍ය නැති බව අධිකරන ඇමතිවරයා ප්‍රකාශ කිරීමෙන් පසු අධිනිතිඥ ආරවුල නැවතුනේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලුත් කථානායක… පොලොන්නරුවේ ජගත් වික්‍රමරත්න ගැන නොදත් කතාව….

Next Post

රිය අනතුරින් මිය ගිය 17 හැවිරිදි දියණියගේ මරණ පරීක්ෂණය සඳහා වෙනත් නමකට අධිකරණ නියෝගයක් ලබාගෙන….

Related Posts

පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.