පාර්ලිමේන්තුවෙදි අපට බැන්නට රනිල් වැක්සීන් එක ගත්තෙත් අපෙන්… ශවේන්ද්‍ර කියයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිදුකරන එන්නත්කරන වැඩසටහන විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවා තම කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගත්තේ නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහලෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

හමුචදාපතිවරයා එසේ ප්‍රකාශ කළේ වර්තමානයේ සිදුවන කොවිඩ් මරණවලට කොවිඩ් මර්ධන බලකාය වගකිවයුතු බවට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහනුවරදී මාධ්‍යවේදීන් අද (09) නැඟූ ප්‍රශ්නයකට පිලිතුරු දෙමිනි.
එහිදී යුද්ධ හමුදාධිපතිවරයා මෙසේද කීය.

අපි දකිනවා වයස අවුරුදු 60ට වැඩි පිරිස් තවමත් කිසිදු එන්නතක් ලබා නොගෙන ඉන්නවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක්ව තියෙනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් ඔවුන්ගේ එන්නත ලබා ගන්න කියලා. මොකද ඊයේ (08) දිනයේ ජීවිතක්ෂයට පත්වූ 94 දෙනාගෙන් 71 දෙනෙක්ම වයස අවුරුදු 60ට වැඩි අය. එයිනුත් බහුතතරය කිසිදු මාත්‍රාවක් ලබා නොගත් අය.

අපි පහුගිය පෙබරවාරි මාසයේ ඉඳන් විවිධ වු එන්නත් රට තුළදී ජනතාව වෙත ලබා දුන්නා. නමුත් අවාසනාවකට වයස අවුරුදු 60ට වැඩි පිරිස් මේ එන්නත ලබා නොගැනීම හේතුවෙන් ඔවුන්ගේ ජීවිත අවදානමකට ලක් කරගෙන සිටිනවා. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මනින් එන්නත ලබා ගන්න කියලා. අපි ඔවුන් වෙනුවෙන් විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව එන්නත් ලබා දෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ අයවළුන්ට විහාරමහාදේවී පරිශ්‍රයේ සහ දියත උයන පරිශ්‍රයේ මෙම කටයුතු සිදුකෙරෙනවා.

ඒ වගේම ප්‍රථම මාත්‍රාව පමණක් ලබාගත් අයවළුන් දෙවැනි මාත්‍රාව ලබාගනෙත් තවදුරටත් සෞඛ්‍යාරක්ෂිතව සිටීම වැදගත් වෙනවා. මාත්‍රාදෙකම ලබාගත්තත් ස්වයං විනයක් සහිතව සිටියොත් අපිට රටක් වශයෙන් මේ ව්‍යසනයෙන් බේරීමට හැකි වෙනවා. ශ්‍රී ලංකාවේ ජනතාව යුද්ධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව සිදුකරනු ලබන එන්නත්කරණය පිළිබඳ විශාල ප්‍රසාදයක් පළකර තියෙනවා. එවන් විශාල ප්‍රසාදයක් පළකර සිටින අවස්ථාවක එක් ප්‍රද්ගලයෙක් පමණක් මෙම ක්‍රියාවලිය විවේචනයට ලක්කිරීම පිළිබඳව මෙවැනි කාලයක මුළු රටේම ජනතාව දැනගත යුතු කාරණය තමා ඒ ත්‍රිවිධ හමුදාව විවේචනය කරන හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ එන්නත ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නාරාහේන්පිට රෝහලේ එන්නත්කරණ මධ්‍යස්ථානයට ඇවිල්ලා එන්නත ලබාගත්තා.

ඒ වාගේම කාර්ය සාධක බලකායේ ප්‍රධානියා වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා. මේ කාර්ය සාධක බලකායේ මෙරට සෞඛයට සම්බන්ධ අමාත්‍යවරියන් දෙදෙනා සහා අමාත්‍යවරයා මෙන්ම තවත් කැබිනට් අමාත්‍යවරු කිහිප පොලක්ම මේ කාර්ය සාධන බලකායේ ඉන්නවා. ඉන්නවා. ඊට අමතරව සෞඛ්‍ය අමාතංශයේ ලේකම්වරයා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, ත්‍රිවිධ හමුදාධිපතිවරු, පොලිස්පතිවරයා සහ විශේෂඥ වෛද්‍යවරු කිහිපපොළක්ම ඉන්නවා. ඉතින් ජනාධිපතිතුමා මෙහිදී කිසිම අකාරයකින් තනි තීරණ ගන්නේ නෑ. ඒ නිසා විවිධ විවේචන එල්ල වුණත් ඇත්ත මේකයි. අපි හැකි ඉක්මනින්ම කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කරනවා. යැයි යුද්ධ හමුදාධිපතිවරයා පැවසීය.

Exit mobile version