සුමිත් පොතුපිටිය –
පානදුර පල්ලිමුල්ල උද්‍යාන පාරේ පදිංචි ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකුට අයත් දෙමහල් නිවසකට පැන භාණ්ඩ සොරකම් කර ඇති බවට ලද තොරතුරක් මත පානදුර උතුර පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රාජකාරි කරන ජේෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකුට අයත් නිවසක් මෙසේ කොල්ලකා ඇති බව සදහන් වේ.
දෙමහල් නිවසේ ඉහළ මහලේ වැඩ නිමකර නොමැති බවත් එහි වහලයේ සෙවිලි තහඩුවක් ගලවා ඇතුළුවී නිවසේ තිබූ අගල් 54 ක් රූපවාහිනී යන්ත්‍රයක් , පිත්තල පහන ඇතුළු දේපල සොරකම් කර ඇති බව පොලිසිය කීය.
නිවසේ සිසිටිවි කැමරා පද්ධතියක් සවිකර තිබූ නමුත් එය අක්‍රීයව ඇති බවද පොලිසිය පවසයි.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකල බව පොලිසිය කියයි.
පානදුර උතුර ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව ලක්මාල්ගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හිරන්ත තිලකරත්න ඇතුළු අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.