අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පානදුරේ ප්‍රාද්ශීය සභාවේ සභාපති තුම්මුල්ල හන්දියේ විසල් නිවසක් බලන් අල්ලාගෙන!

වෛද්‍ය යුවළට යන එන මං නෑ - දේශපාලන හයිකාරකමට ඔවුන් බිය වෙලා

by editor
මාර්තු 20, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • බදු ගත්තේ අවුරුදු 6කට… අවරුදු හය ඉවර වෙලා අවරුදු 6ක්… ගෙයින් යන්නෙ නෑ…

  • ගේ ඇතුළෙ ව්‍යුහාත්මක වෙනස්කම් කරලා… කොරියන් අවන්හලකට කියලා අරන් හැදුවෙ සමාජ ශාලාවක්…

  • ව්‍යාජ මත්පැන් බලපත්‍ර අරන්… ගේ ඉල්ලුවම දේශපාලන නංගරන් දානවා…

පානදුරේ නගර සභාවේ සභාපති හේමන්ත ප්‍රනාන්දු  කොළඹ 07, තුම්මුල්ල හන්දියේ පිහිටි වෛද්‍යවරයකුට අයත් වටිනා සුවිසල් නිවසක් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට එම වෛද්‍යවරයා චෝදනා කරයි.

ඔහු ගෙන් 2009 වසරේ දෙසැම්බර් 01 වැනිදා බදු ගිවිසුමක් මත වසර හයක කාලයක් සඳහා ලබා ගත් මෙම නිවස 2015 වසරේ දී අදාළ ගිවිසුම අවසන් වනවිට ලබා දිමට නියමිතව තිබුණද ඔහු බලහත්කාරයෙන් මෙම නිවසේ රැඳී සිටිමින් එහි සමාජ ශාලාවක් පවත්වාගෙන යන බව දැනට එංගලන්තයේ ජීවත් වන වෛද්‍ය ලලිත් රත්නායක සහ ඔහුගේ බිරිඳ වෛද්‍ය නීලා රත්නායක  ටෘත් විත් චමුදිත යූ ටියුබ් නාළිකාවේදී අනාවරණය කළේය.

නිවස හිමි වෛද්‍ය යුවල..

දුරස්ථ අන්තර්ජාල මාර්ගයෙන් සම්මුඛ සාකච්ඡාවකට සම්බන්ධ වූ වෛද්‍ය ලිලත් රත්නායක  ප්‍රකාශ කළේ ඔහු තමන්ට පවතින දේශපාලන බලපුළුවන්කාරකම් භාවිත කරමින් අනවසරයෙන් මෙම ගොඩනැගිල්ල අත්පත් කරගෙන ඇතිවාට අමතරව 2015න් පසුව කිසිදු බදු මුදලක් ගෙවීමක් හෝ ගිවිසුමගත ආකාරයට වරිපනම් ගෙවීමක්ද සිදු කර නොමැති බවට අනාවරණය කළේය.

“ අපේ ගිවිසුමට අත්සන් කළේ හේමන්ත ප්‍රනාන්දු සහ පුෂ්පකුමාර ජයවික්‍රම කියල කෙනෙක්. ඔවුන් මුලින්ම අපට කීවේ මෙම නිවසේ කොරියානු අවන්හළක් විවෘත කරනවා කියල. නමුත් ඔවුන් එවැනි දෙයක් වෙනුවට සමාජ ශාලාවක් තමයි පටන් ගෙන තියෙන්නේ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

බහලත්කාරයෙන් අයිති කරන් ඇති විසල් නිවස
රාත්‍රී සමාජශාලාවක් කර ඇති අයුරු

“ මේ නිවස තුළ අභ්‍යන්තරයේ කිසිදු ව්‍යූහාත්මක වෙනසක්  සිදු කිරිමට ඔහුට බලයක් නෑ. එහෙත් ඔහු එවැනි විශාල වෙනස්කම් නිවස තුළ සිදු කොට තිබෙනවා. මගේ අවසරයක් නැතිව ව්‍යාජ බදු ඔප්පුවක් සුරා බදු  දෙපාර්තමේන්තුවට යොමු කර වංචනික ලෙස මගේ නිවසට මත්ද්‍රව්‍ය වෙළෙඳ බලපත්‍රයක් ලබා ගෙන තිබෙනවා. මෙම නිවසේ බදු  ගිවිසුම අවසන් වූ පසුව මා එය ඉල්ලන්න හේමන්ත හමුවීමට ගියා. එහෙත් ඔහු තමන්ගේ ව්‍යාපාරයට වෙනත් තැනක් තවම සොයා ගෙන නැති  බව පවසමින් මට නිවස භාර දීමෙන් වැලකී සිටියා. මේ නිසා අවසානයේ මට අධිකරණයේ පිහිට පතන්නට වී තිබෙනවා.“

හේමන්ත ප්‍රනාන්දු
හේමන්ත ප්‍රනාන්දු

එහිදී තවදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ලලිත් රත්නායක   සඳහන් කළේ මෙම පුද්ගලයා තම දේශපාලන හයියද පාවිච්චි කරමින් තම ස්ථානයේ වංචනිකව රැඳී සිටීමට කටයුතු කිරීමෙන් තමන් සහ බිරිඳ විශාල පීඩාවකට ලක්ව ඇති බවය. එසේම වෛද්‍ය ලලිත් රත්නායක පවසන්නේ මේ වනවිට වයස්ගතව සිටින තමන් ට ශ්‍රි ලංකාවට පැමිණ පදිංචි විමට තමා උපන් දා සිට ජීවත් වූ නිවස අහිමිව ඇති බවය. මේ තත්ත්වය නිසා ශ්‍රි ලංකාවට පැමිණි පසු වෙනත් කාගේ හරි සෙවණක ගත කිරීමට හෝ විශාල මුදලක් ගෙවා කුලියට තැනක් ගෙන ගත කිරීමට සිදුව ඇති වද ඔහු අනාවරණය කළේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බදුල්ලේ රිය අනතුරුට ලක්ව මිය ගිය 15 දෙනාට පී.සී.ආර්. පරීක්ෂණ

Next Post

ගලාගෙන ගිය දොල පාර ලේ පාට වෙලා තිබුණා… කිසිවෙක් ජීවත් වෙතැයි සිතුවෙ නෑ,..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.