පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

gimhan-vimukthi-removebg-preview

ගිම්හාන් විමුක්ති

ලලිත් චාමින්ද –

 සිය පුතු විසින්  පාඩම් කටයුතු සිදු නොකීරීම සම්බන්ධයෙන් කෝපයටපත් පියා විසින් විසින් පුතුට එල්ල කළ එල්ලකළ කොසුමිටි පහරක් හිසටවැදී  රෝහල් ගතකිරීමෙන් අනතුරුව පුතු මරුමුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහාධිකරණයේ විභාගයට ගැණුනු ගාල්ල මහමෝදර සියඹලාවත්ත මිනීමැරුම් නඩුව සම්බන්ධයෙන්  නීතිපතිවරයාගේ  උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව මිනීමැරුම් චෝදනාවට දඬුවම් ලිහිල් කරමින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට  ගාල්ල මහාධිකරණය අද කටයුතු කළේය.

ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්දි නානායක්කාර   විසින්  අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින්  විත්තිකරුට වසර දෙකක සිර දඬුවම් නියම කර  එම සිර දඬුවම වසර දහයක  අත්හිටවූ සිරදඬුවමක් ලෙස ගෙවී යන ලෙස දඬුවම නියම කළාය.

මෙයට අමතරව රුපියල් 25 000 ක දඩයක්ද නියමකරමින් එයනොගෙවන්නේනම් තවත් මාස හයක සිරදඬුවමක් නියමවන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට වින්දිතයන් ආරක්ෂා කිරීමේ ගීණුමට රුපියල් ලක්ෂ දෙකක මුදලක්  බැර කිරීමට ද නියම කළාය.

මෙසේ අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියමවූයේ ගාල්ල මහමෝදර සියඹලාගහවත්තේ පදිංචි සුරවීරආරච්චිගේ රාජ් කුමාර නැමති විත්තිකරුවෙතය.


2021. 09.29 වන දින හෝ ආසන්න දිනකදී මරුමුවට පත්වූ සුරවීර ආරච්චිගේ ගිම්හාන විමුක්ති නැමති පුතු ⁣ගේ මරණය සම්බන්ධයෙන් මෙම මිනීමැරුම් නඩුව විභාගයට ගැණින. සිය දරුවාගේ අනාගතය සාර්ථක කරවීම සම්බන්ධයෙන් සිතා අධ්‍යාපන කටයුතු සාර්ථක කරවීමේ සිතුවිල්ලකින් මිස මෙවන් අවාසනාවන්ත ඉරණමක් දරුවාට අත්වීම දරාගත නොහැකි අවාසනාවක් බවත් විත්තිකරු විසින් නඩුවීභගයේදී දැනුම් දී සිටියේය.

පියා විසින් සිය පුතුට පාඩම්කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් පුතුට බැනවැදීම නිසා පුතු නිවසින් පලායාමට උත්සාහ ගත් අවස්ථාවේ කෝපයට පත් තාත්තා විසින් පුතුට එල්ලකළ කොසු මිටි පහරක් හිසට වැදී සිහසුන්ව පුතු කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව   මරුමුවට පත් විය.

ඒ සමගම ගාල්ල  පොලීසිය විසින් පියා අත්අඩංගුවට ගෙන ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනුලැබීය . අනතුරුව අනතුරුව ඔහුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ මීනීමැරුම් චොදනා යටතේ මෙම නඩුව ගොනුකෙරිණ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

Exit mobile version