හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා රෝහල්ගතව සිටින බැවින් අද දින පැවැති නඩු විභාගය සඳහා ඔහු සහභාගී නොවූ බව නීතීඥ රජික කොඩිතුවක්කු මහතා සඳහන් කළේය.
අද(11) පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව රිය අනතුරක් සම්බන්ධයෙන් පවතින නඩුවේ විභාගය අවසානයේ වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිතුවක්කු මහතා,
“අද දින HE1824,2020 කියන නඩුව කැඳවීමක් කරනු ලැබුවා. එහිදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇමතිතුමා විශේෂයෙන් අද දින උසාවියට පැමිණියේ නැහැ. පැමිණියේ නැති හේතුව තමයි එතුමා ඊයේ හවස නාරාහේන්පිට වෘත්තිකයන්ගේ රැස්වීමකට යමින් සිටින අවස්ථාවකදී හදිසියේදී ඇති වූ අසනීප තත්ත්වයක් නිසා ලංකා හොස්පිටල් (ලංකා රෝහලට) ඇතුළත් වීමක් වුණා එදින රාත්‍රියේම. එතුමාව අධීක්ෂණය කරනු ලබන්නේ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත ජයවර්ධන මහතා. ඔහු විසින් ඉතාම පැහැදිලිව වෛද්‍ය වාර්තාවක් ලබා දීමක් සිදු කළා එතුමාගේ රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. ඒ වගේම අපිට කියන්න ඕනේ මුල ඉදන්ම කිසිම අවස්ථාවක පාඨලී චම්පික රණවක ඇමතිතුමා නඩු සම්බන්ධයෙන් හෝ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් හෝ මග හැරීමක් කිසිදු අවස්ථාවක කළේ නෑ. පසුගිය වසරේ සිදු කළ අත්අඩංගුවට ගැනීම ඔබ දන්නවා; පාර්ලිමේන්තුවේ මහලේකම්තුමාට හෝ කථානායකතුමාට දැනුම් දීමක් කරන්නේ නැතුව ඒ මධ්‍යම රාත්‍රියේ කඩා වැදිලා ගෙදරට බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් කරන්නෙ. පැහැදිලිව එතුමාගේ වටේ හිටිය රියදුරන්ට සහ සියලුම තත්ත්වයේ පුද්ගලයන්ට පොලිසිය විසින් ඒ අවස්ථාවේදී යම් යම් බලපෑමෙන් කරමින් සිටියේ. ඒ නිසා අපි දන්නවා මේක දේශපාලන වශයෙන් වූ කරන්නා වූ චෝදනාවක්. ඒ වගේම ඒ තත්ත්වයන් මත අපි කියා සිටින්නේ අපිට ජනතාවට මේ සම්බන්ධයෙන් වූ කරුණු දැක්වීමක් කරන්න තිබෙනවා”
චම්පික රණවක මහතා මේ වන විට ලංකා රෝහලේ කොරෝනා පරීක්ෂණය සඳහා යොමුව ඇත.
ඒ සම්බන්ධ පරීක්ෂණ වාර්තාව පැමිණීමෙන් පසු අනෙක් සියළු වෛද්‍ය වාර්තා නිකුත් කෙරෙනු ඇති බව නීතිඥවරයා පැවසීය.
“අධිකරණය විසින් අද යම් යම් ආයතනයන් වලට සහ විශේෂයෙන් අධිකරණ වෛද්‍යවරයාට නියමයක් කළා ඒ සම්බන්ධයෙන් පරික්ෂා කරලා බලලා වාර්තාවක් අධිකරණයට. සති 2 කින් ලබා දෙන්න කියලා. අපි ඉතාම සතුටට පත්වෙනවා. මොකද අපිටත් ඕනේ අපි කිව්ව කාරණාව සත්‍ය බව දන්වා සිටින්න.”