පාක්ෂිකයන්ට වෙළෙඳ බලපත්‍ර දෙන්න බලපෑම් කරන මිනුවන්ගොඩ පොහොට්ටු මන්ත්‍රී නිසා වැඩ අවුල්…

මිනුවන්ගොඩ – කීර්ති ප්‍රනාන්දු-

දැනට ඇඳිරිනීතිය ක්‍රියාත්මකවන  මිනුවන්ගොඩ ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාසයේ   වෙළෙඳ බලපත්‍ර ලබාදීමේ දී ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන්  සිදුවන බලපෑම් නිසා ග්‍රාම නිලධාරීවරු ඉතා දැඩි පීඩාවට පත්ව ඇතැයි  වාර්තා වේ.

මිනුවන්ගොඩ එක් ප්‍රාදේශීය දේශපාලකයෙක් තමන්ගේ පාක්ෂිකයන් නම් කරමින් ඔවුන්ට වෙළෙඳ බලපත්‍ර ලබා දෙන ලෙස කරන කරන බලපෑම නිසා  මේ තත්වය ඇති වී තිබේ.

මේ පිළිබඳ ලංකාසරට අදහස් දැක්වූ ග්‍රාමනිලධාරීවරයෙක් කීවේ සෑම නගරසභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම අඩු වැඩි වශයෙන් මේ තත්වය ඇතත් මිනුවන්ගොඩ තරම් අශීලාචාර ලෙස එය සිදු නොවන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සෑම ග්‍රාම නිලධාරී කොට්ඨාසයකටම වෙළෙඳ බලපත්‍ර තුනක් නිකුත් කරන බවත් මේ තත්වය නිසා එම බලපත්‍ර සාධාරණ ලෙස බෙදා දෙන්නට නොහැකි වී ඇති බවත් වාර්තා වේ.

Exit mobile version