ප්‍රාදේශීය සභාවක් හෝ පාලනය නොකළ පුද්ගලයෙක් ජනපති වූ පසු සිදුවන දේ කුමාර වෙල්ගම කියා දුන් හැටි!

පසුගිය ජනාධිපතිවරණයට ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමේදී  තෝරා ගෙන තිබූ පුද්ගලයා ට එය ලබා නොදෙන ලෙස තමන් මහින්ද රාජපක්ෂගෙන් කිහිප විටක්ම ඉල්ලා සිටි බවත් මේ බව අද පාර්ලිමේන්තුවේ සිටින අමාත්‍ය ජී.එල්.පීරිස් ගේ නිවසේ පැවැති සාකච්ඡාවකදීත් පැවසූ බවත් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර් වෙල්ගම ඊයේ (19)  පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨත්වය අනුව අත්දැකීම් බහුල දිනේෂ් ගුණවර්ධන ඉදිරිපත් කරන්නැයි තමන් මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා සිටි නමුත් මේක පවුලේ ප්‍රශ්නයක් බව සඳහන් කරමින් ඔහු එය ප්‍රතික්ෂේප කළ  බවද අයවැය විවාදයට එක්වෙමින් කුමාර වෙල්ගම තවදුරටත් සඳහන් කර සිටියේය.

මෙම පුද්ගලයාට අත්දැකීම් නොමැති බවත් අඩුම තරමේ ප්‍රාදේශීය සභාවක්වත් නියෝජනය කර නොමැති පුද්ගලයකුට මෙම තනතුර දැරීම අපහසු බව තමන් එදා සිටම විශ්වාස කළ බවද සඳහන් කළ බවත් ඔහු පත්කළහොත් රටේ ප්‍රශ්න ගණනාවක් ඇති වන බව තමන් කී බවට අමාත්‍ය ජී.එල්පීරිස් සාක්ෂි දරනු ඇතැයි තමන් අවධාරණයෙන් එදා ප්‍රකාශ කළේ හේතු සාධක ඇතිව බව අද ප්‍රත්‍යක්ෂ වී ඇතැයි ද වෙල්ගම මහතා සඳහන් කළේය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා,

“ අද ජනතාව ආණ්ඩුවට හෙණ ඉල්ලනවා. යූරියා නැති තැන ඔවුන් හෙණ ඉල්ලනවා. මේ වෙලාවේ මට පාස්කු ප්‍රහාරය මතක් වෙනවා. ඒ සාපේ තමා මේ කැරකිලා එන්නේ. නීතියෙන් ගැලවෙන්න පුළුවන් වෙයි. ඒත් දෙවියන් වහන්සේගෙන් විශ්ව ශක්තියෙන් ගැලවෙන්න බැරිවෙයි. ඒ නිසා තමයි අද මේ ප්‍රශ්න එන්නේ. අද ආණඩුවට පිස්සු හැදිල කියල ජනතාව කියනවා.

මම මහින්ද මහත්තයාට කිවවා මෙයා දාන්න එපා. ඔයාගේ තාත්තා ඇයි බණ්ඩාරනායක මහත්තයා එක්ක ගියේ. ඩී.එස් ට පස්සේ ජ්‍යෙෂ්ඨත්වය අනුව පක්ෂ නායකත්වය එන්න ඕන බණ්ඩාරනායක මහත්තයට. නමුත් ඒක ගියේ ඩඩ්ලිට. ජ්‍යේෂ්ඨත්වය බැලුවේ නෑ . ඒ ජ්‍යෙෂ්ඨත්වයට දිනේෂ් ගුණවර්ධනට. එයා හොඳයි. එයාට පිස්සුත් නෑ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා කිව්වේ  මේ පවුලේ ප්‍රශ්නයක් කියල.

දැන් සර් ෆේල් නිසා ඔක්කකොමලා ජනාධිපතිලා. හැමෝම හදන්නේ ජනාධිපති වෙන්න. සජිත් මහත්තයානං එහෙම හිතුවත් කමක් නෑ මන්ත්‍රිවරු ටිකක් හරි එතුමට ඉන්නවනේ. නමුත් මේ ව්‍යවස්ථාවත් එක්ක එන ජනාධිපතිත් පිස්සෙක් වුනොත් මොකද වෙන්නේ? . දේශපාලන අත්දැකීම් ඇති අය හැටියට අපි අපේ රටේ දරුවන්ට මොකක්ද වෙන්නේ කියල හිතන්න ඕන.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දැන් අපේ කාලේ ඉවරයි .  නමුත්  අපට යුතුකමක්  තිබෙනවා රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදන්න. සිංහල දෙමළ මුස්ලිම් හැමෝට ශ්‍රි ලාංකිකයන් විදිහට සිතන අනාගතයක් වෙනුයෙන් හැමෝම එකතු කරගෙන ව්‍යවස්ථාවක් හදනන් අප කටයුතු කළ යුතුයි.“

Exit mobile version