ප්‍රශ්න කිරීමට සීඅයිඩියට ගෙනා කාන්තාවක් පස්වෙනි තට්ටුවෙන් පැන සිය දිවි නසා ගනී!

CID

මූල්‍ය ගැටලුවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටි කාන්තාවක් අද  (11) අලුයම එහි පස්වන මහලෙන් බිමට පැන සිය දවි හානිකරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම කාන්තාව ලබා ගත් ණය මුදල් සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව ඊයෙ (10) අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගෙන සිටි ඇය එහි පස්වන මහලේ පිහිටි වැසිකිළියක ජනේලයකින් බිමට පැන අති බව සඳහන් වේ.

අද අලුයම 3.50ට පමණ සිදුව ඇති මෙම සිද්ධියෙන් මිය ගිය කාන්තාව පන්නිපිටිය සේදගල ප්‍රදේශයේ පදිංචි අප්සරා මැණිකේ රාජපක්ෂ නැමැති හතළිස් හය හැවිරිදි කාන්තාවක බව පොලිසිය සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඇයගේ මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ තැන්පත්කර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු අද දින තුළ සිදු කිරීමට නියමිතය.

Exit mobile version