ප්‍රභූ මළගෙදර කොවිඩ් නීති කැඩුණාදැයි සොයන්න… ජනපති පවිත්‍රාට කියයි

Kili-Maharaja

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් ආසාදනය හේතුවෙන් මිය ගිය බවට සැලකෙන ප්‍රබල සහ ප්‍රසිද්ධ පුද්ගලයකුගේ අවසන් කටයුතු පසුගියදා කොළඹ දී පැවැති අවස්ථාවේ එම කටයුතු සිදුවුණු ආකාරය පිළිබඳව ඊයේ (26) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අමාත්‍යවරුන් අතර කතා බහකට ලක් වු බවත් එහි දී යම් යම් සෞඛ්‍ය රෙගුලාසි කඩ කිරීමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව වහා සොයා බලා අදාළ පියවර ගන්නා ලෙසත් ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරියට උපදෙස් ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ අද (27) මාධ්‍ය හමුවේදී පැවසීය
.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළ අමාත්‍යවරයා පසුගියදා මිය ගිය මෙම ප්‍රසිද්ධ පුද්ගලයාගේ අවසන් කටුතු සිදුවන අවස්ථාවේ දී එවැනි සෞඛ්‍ය නීති කඩවීමක් සිදුවුණි නම් පිළිබඳව තමන් කණගාටු වන බව ද පැවසීය.

එහිදි තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රමේෂ් පතිරණ මේ වනවිට රටේ ජනතාවගෙන් මිලියන 10ක් ඉක්මවා පිරිසකට කොවිඩ් එන්නත ලබා දී ඇති අතර එයින් මිලියන 2ක් පමණ එන්නත් දෙකම ලබාගෙන ඇතැයි සඳහන් කළේය.

කොවිඩ් හේතුවෙන් සිදුවන මරණ අතර වයස අවුරුදු 60ට වැඩි එමෙන්ම තවමත් එන්නත්කරණයට ලක් නොවූ පුද්ගලයින් සිටින බව සඳහන් කළ අමාත්‍යවරයා රජය කඩිනම් එන්නත්කරණයක් වෙනුවෙන් කැප වන බව සඳහන් කළේය.

එසේම නිවෙස්වල සිදුවන මරණ සියල්ල පීසීආර් පරීක්ෂණයකට ලක් කිරීමේ තත්ත්තවයක් පසුගිය කාලයේ පැවැතිය ද මේ වනවිට නිවාසවල සිදුවන කොවිඩ් මරණ බොහෝ සෙයින් අඩුව ඇති බැවින් අදාළ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයාට මේ සම්බන්ධ අවසන් තීරණය ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර ඇති බව ද සඳහන් කළේය.

Exit mobile version