ප්‍රංශයේ සිට වවුනියාවේ කාන්තාවකගෙන් එක් කෝටි පනස් ලක්ෂයක් වංචා කළ තරුණයෙක් සොයා පරීක්ෂණ…

On-Line

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අන්තර් ජාලය හරහා මුදල් වංචා කරණ තරුණයෙකුට හසු වූ වවුනියාවේ කාන්තාවකගේ රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබදව පොලීස් අපරාධ විමර්ශන කොට්ඨාසය පරික්ෂණ ආරම්භ කොට තිබේ.

වවුනියාවේ පදිංචි 50 හැවිරිදි මෙම කාන්තාවගේ දුරකතන අංකය ප්‍රංශයේ සිටින බව කියන දෙමළ තරුණයෙකු විසින් ලබා ගෙන ඇයව රවටවා අවස්ථා කීපයකදී ඇය සතු මුදල් ඔහුගේ ගිණුමට බැර කරගෙන තිබේ.

ප්‍රංශයේ සිටින බව කියන දෙමළ තරුණයාද වවුනියාවේ සිට ප්‍රංශයට ගොස් සිටින අයෙකු බවට කාන්තාවට තොරතුරු ලැබිමෙන් පසුව මෙම කාන්තාවට ඇති වූ සැකයක් මත ඇය මේ පිළිබදව කොළඹ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කිරීමෙන් පසුව සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

Exit mobile version