දිනසේන රතුගමගේ –
අන්තර් ජාලය හරහා මුදල් වංචා කරණ තරුණයෙකුට හසු වූ වවුනියාවේ කාන්තාවකගේ රුපියල් කෝටි එකහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් පිළිබදව පොලීස් අපරාධ විමර්ශන කොට්ඨාසය පරික්ෂණ ආරම්භ කොට තිබේ.
වවුනියාවේ පදිංචි 50 හැවිරිදි මෙම කාන්තාවගේ දුරකතන අංකය ප්රංශයේ සිටින බව කියන දෙමළ තරුණයෙකු විසින් ලබා ගෙන ඇයව රවටවා අවස්ථා කීපයකදී ඇය සතු මුදල් ඔහුගේ ගිණුමට බැර කරගෙන තිබේ.
ප්රංශයේ සිටින බව කියන දෙමළ තරුණයාද වවුනියාවේ සිට ප්රංශයට ගොස් සිටින අයෙකු බවට කාන්තාවට තොරතුරු ලැබිමෙන් පසුව මෙම කාන්තාවට ඇති වූ සැකයක් මත ඇය මේ පිළිබදව කොළඹ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණිලි කිරීමෙන් පසුව සිද්ධිය පිළිබදව පරීක්ෂණ ආරම්භ කොට තිබේ.