දිනසේන රතුගමගේ
යාපනය වලිකාමම් උතුර ප්රාදේශීය සභාවේ ප්ලොට් සංවිධානයේ හිටපු මන්ත්රී චොක්කලිංගම් සබේසන්ට කිසියම් පිරිසක් විසින් 5 දා යාපනයේදී පහර දී තිබේ.
එම පහර කෑමෙන් බරපතළ ලෙස තුවාල ලැබූ හිටපු මන්ත්රීවරයා යාපනයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කොට තිබේ.
යාපනයේ චුන්නාකම් අයියනාර් කෝවිල අසල පානීය ජලය ලබා ගැනීමට ඉදි කළ නළ ලිදක් සම්බන්ධයෙන් ඇති වූ ප්රශ්නයක් විමසා බැලීමට හිටපු මන්ත්රීවරයා එම ස්ථානයට ගිය අවස්ථාවේදී එතැනට එක් වූ අයගෙන් පිරිසක් ඔහුට පහර දී තිබේ.
මේ සම්බන්ධයෙන් හිටපු මන්ත්රීවරයා චුන්නාකම් පොලිසියට පැමිණිලි කොට පසුව රෝහල් ගත වී සිටියි.
චුන්නාකම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.







