සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රියන්ත ජයකොඩි කෙහෙල් බද්දර පද්මේට ඇඳගෙන හතර අතේ තර්ජනය කරවා ඇත්තේ ඉවත් කර තිබුණු විශ්‍රාමික පොලිස් ප්‍රධානීන්ට ලබා දෙන ආරක්ෂාව දිගටම තබා ගන්න…

විමර්ශනවලින් හෙළි වෙයි...

by editor
ජූලි 29, 2025
in පුවත්
priyantha-jayakody
Share on FacebookShare on Twitter

හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සකස් කරගත්  පිටපතකට අනුව කෙහෙල්බද්දර පද්මේට ඇඳගෙන පානදුර ප්‍රදේශයේ  තරුණයෙක් ලවා විශ්‍රාම ගොස් සිටින තමාටත්,  ආරක්ෂක ප්‍රධානීන්ට සහ දේශපාලකයින්ටත් හතර අතේ මරණ තර්ජනය එල්ල කරමින් අලජ්ජි රංගනයක යෙදී ඇත්තේ විශ්‍රාමික පොලිස් ප්‍රධානීන්ට ලබා දුන් ආරක්ෂාව ඉවත් කිරීම වළක්වාගෙන තමන්ට මෙතෙක් ලැබුණ පොලිස් ආරක්ෂාව දිගටම තබා ගැනීමට බව විමර්ශන අංශ විසින් මේ වනවිට හෙළිකරගෙන තිබේ.

විශ්‍රාමික පොලිස් ප්‍රධානීන්ට ලබා දී තිබූ ආරක්ෂාව යටතේ මෙතෙක් ප්‍රියන්ත ජයකොඩිට පොලිස් භටයින් දෙදෙනෙකුගේ ආරක්ෂාව ලබා දී තිබිණි.

එම වරප්‍රසාදය ආරක්ෂා කරගැනීමට  තර්ජනාත්මක දුරකතන ඇමතුම් තමාට පමණක් ගෙන්වා නොගෙන පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ලලිත් පතිනායක, හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ එවකට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පුතාට ද ලබා දී ඇත්තේ ඉන් ආර්ක්ෂාව පිළිබඳ කාරණාවට වැඩි  අවධානයක් යොමුකර ගැනීමටත් සිද්ධිය පිළිබඳව සැකයක් ඇති නොවීමටත් බව  විමර්ශන අංශ පවසයි.

තමාට තර්ජනයක් පාතාලයෙන් එල්ලවී ඇති බව ප්‍රියන්ත ජයකොඩි  වැඩබලන පොලිස්පතිවරයා දැනුම්වත් කිරීමත් සමඟ ඔහුගේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායේ කණ්ඩායමක් පවා නි‍වෙසට යොමුකර ආරක්ෂාව තර කිරීමට පොලිසිය  පියවර ගෙන තිබිණි.

තර්ජනාත්මක දුරකතන ඇමතුම තමාට පමණක් ගෙන්වා නොගෙන පොලිස් පරිපාලන අංශ ප්‍රධානී ලලිත් පතිනායක, හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පුතාට ද ලබා දී ඇත්තේ ඒ තුළින් වැඩි අවධානයක් යොමුකර ගැනීමටත් සැකයක් ඇති නොවීමටත් බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

මේ පිළිබඳව ලැබෙන පැමිණිලිත් සමග වැඩ බලන පොලිස්පතිවරයාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කළ විමර්ශන අනුව අනාවරණය වී ඇත්තේ  ඩුබායි රාජ්‍යයේ භාවිතාවන අංකයක්  ඔස්සේ අන්තර්ජාල මෘදුකාංගයක් හරහා ඩුබායි සිට ඇමතුම් ලබා ගන්නා ආකාරයෙන් අදාල ඇමතුම් ලබාගෙන ඇති බවය.

එම සිම්කාඩ්පත සම්බන්ධයෙන් කළ තාක්ෂණික විමර්ශනයේදී තර්ජනාත්මක ඇමතුම ලබා දුන් පුද්ගලයා අතින් සිදුවූ අත්වැරදීමක් විමර්ශන නිලධාරීන් අනාවරණය කර ගෙන තිබිණි. ඒ ඔස්සේ විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කෙහෙල්බද්දර පද්මේ නමින් පෙනී සිටිමින් ඇමතුම් ලබා දෙමින් තර්ජනය කළ පානදුර ප්‍රදේශයේ 31 හැවිරිදි පුද්ගලයා හඳුනාගැනීමට සමත්ව ඇත.

ඔහුව අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝගමත තබාගෙන ප්‍රශ්න කිරීමේ දි ඔහු සජීවීකරණය කර ඇත්තේ විශ්‍රාමික SDIG ප්‍රියන්ත ජයකොඩිගේ පිටපතක් බව අනාවරණයය වීමෙන් පසු ඔහුව අත් අඩංගුවට ගෙන තිබේ. තමන් රෝගී තත්ත්වයෙන් පසුවන බව කියමින් මේ වනවිට ප්‍රියන්ත ජයකොඩි රාගම රෝහලට ඇතුළත් වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිට මෝල්ටාවේ දූපතක් ඇතැයි කී කතාව… තිස්සකුට්ටි අධිකරණය ඉදිරියේ කොන්දේසි විරහිතව කණගාටුව පළ කරයි.

Next Post

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියේ ප්‍රතිසංස්කරණන් යෝජනා කරන්නේ මොනවා පදනම් කරගෙන ද ? FUTA ලේකම් අගමැතිනියගෙන් අසයි!

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.