ප්‍රවීණ ගුවන්විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක් රංගන ශිල්පිනියක් වන රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත විය.

Ramya Wanigasekara
කීර්ති ප්‍රනාන්දු

කලක් රෝගාතුරුව ප්‍රතිකාර ලබමින් සිටි වනිකසේකර මහත්මිය මිය යන විට 73 හැවිරිදි වියේ පසුවිය.

ශ්‍රී ලාංකික ගුවන් විදුලියේ ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ ඇය ඉතා ගැඹුරු පැහැදිලි කට හඩකින් ද, ගායනේදී මධුර හඬකින්ද, රංගනයේදී සිත් ඇද බැද ගන්නා රුවකින්ද, අති විශිෂ්ට වූ රංගන හැකියාවක් ද ඇයට හිමිව තිබිණ.

තිස්ස මහත්තයා සහ 1978 වසරේ ආර් .ආර් . සමරකෝන් නම් වූ තම ආදරණීය සැමියා විසින් රචනා කර නිෂ්පාදනය කළ කැලණි පාලම වේදිකා නාට්‍යයේ මැටිල්ඩාගේ චරිතයෙන් වේදිකාව දික් විජය කළ ඇය අහස, ඉඩම ජේලර් උන්නැහේ, දූවිලි ,රජ කතා, වැනි , වේදිකා නාට්‍යය රැසකද රංගන ප්‍රතිභාව විදහා දැක්විය .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගවේදනී රම්‍යා වනිගසේකර මහත්මියගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දීමට නියමිතයි .

Exit mobile version