තාජුඩීන්, ලසන්ත වික්‍රමතුංග, සහ ප්‍රදීප් එක්නැලිගොඩ ඝාතන සිද්ධි අත්හැර ප්‍රධාන අපරාධ 07ක් කඩිනම් විමර්ශන සඳහා නම් කරනු ලැබුවේ එම අපරාධ පරීක්ෂණ බොහෝ දුරට අවසන් වී ඇති බැවින් ඉක්මනින් එම විමර්ශන අවසන් කළ හැකි බව රජය පවසයි.
ප්‍රදීප් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධව දැනටමත් විමර්ශන අවසන් කර නඩු කටයුත්තක් පවත්වාගෙන යන බැවින් නැවත විමර්ශන අවශ්‍යතාවයක් නැති බවත් අවශ්‍යතාව අනුව යළි විමර්ශන ආරම්භ කළ හැකි බවත් මේ පිළිබඳව අද කැබිනට් මාධ්‍ය හමුවේ දී කළ විමසීමකට පිළිතුරු දෙමින් කැබිනට් ප්‍රකාශක විජිත හේරත් පැවසුවේය.
“කිසිම අපරාධමය කටයුත්තක් සඳහා පරීක්ෂණ නොකර ඉන්නෙ නෑ. ලසන්ත වික්‍රමතුංග ඝාතනය, තාජුඩීන් ඝාතනය, එක්නැලිගොඩ ඝාතනය වැනි අපරාධ ගැන කටයුතු කරනවා. ප්‍රදීප් එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධව පරික්ෂණ අවසන් වෙලා දැනටම නඩු කටයුත්තක් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා නැවත පරීක්ෂණ කළ යුතු වෙන්නේ නෑ. අවශ්‍ය වුනොත් කටයුතු කරන්න පුලුවන්. දැනටම නීතිමය කටයුතු සිදුවෙමින් තිබෙනවා.
මෙම අපරාධ හතක් ගැන දැනට කිව්වේ ඉතාම වැඩි තොරතරු ලැබී තිබෙන විමර්ශන ඉවරකිරීමට ආසන්න ඉක්මනින් ඉවර කරන්න පුලුවන් මෙතෙක් කල් ඇදී ගිය අපරාධ හතක් නිසා. ඒ හත විතරක් නෙමෙයි. සියලුම ගණයේ ආර්ථික අපරාධ මිනිස් ඝාතන වැනි සියල්ල පිළිබඳ පරීක්ෂණ කරලා නීතිය ඉදිරියට පමුණුවලා දඬුවම් දෙනවා. කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.







