ප්‍රකාශයක් ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (4) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.
ජනධිපති අරමුදලෙන් මුදල් ලබාගැනීම හා කතාබහට ලක්ව තිබෙන බහලුම් 323 මුදාහැරීම ගැන ප්‍රකාශ ලබාදීම සඳහා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබිණි.
දයාසිරි ජයසේකර ඇතුළු විපක්ෂ කණ්ඩායම්වල දැඩි විවේචනයට ලක්වුන මෙම සිද්ධියට කෙලින්ම චෝදනා එල්ල කර තිබුණේ අමාත්‍ය බිමල් රත්නායකටය.
අමාත්‍යවරයා මේ සම්බන්ධව විමර්ශනයක් ඉල්ලා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කර තිබිණි.







