පළාත් සභා මැතිවරණය පිළිබඳ පක්ෂ නායකයන් විසින් එකඟතාවකට පැමිණ එම යෝජනාව යළිත් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඊයේ පැවති අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට යෝජනාව ඉදිරිපත් කර ඇත.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ මේ පිළිබඳ අමාත්‍ය මන්ඩලයේ දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉහත තීරණය ගත් බවයි.
ඒ අනුව ඉදිරියේ දී පක්ෂ නායකයන් කැඳවා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත අතර එහිදී ඇතිවන එකඟතාවයකට අනුව පළාත් සභා මැතිවරණය පිළිබඳ යෝජනාව යළි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.