පළමු කුඹල් පෙරහර අතරතුර නාථ දේවාල බස්නායක නිලමේ ගේ වාහනයට ඇසිඩ් ප්‍රහාරයක්

Kandy-Natha

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී දළදා පෙරහර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරමින් තිබිය දී නාථ දේවාල පරිශ්‍රයේ නවත්වා තිබූ නාථ දේවාල බස්නාය නිලමේ ගයාන් හීන්කෙන්දගේ සහ ඔහුගේ ලේකම්වරයා වූ දීඝායු අබේරත්නගේ වාහන දෙකට ඇසිඩ් ප්‍රහාර එල්ල කර සුලු අලාභානි සිදුකර තිබේ.

සතර දේවාලයේ බස්නායක නිලමේ වරුන් අතර යම් විරසකයක් තිබුණු බවත් එම විරසකය එළියට පනින ලද අවස්ථාවක් ලෙස මෙය සිතිය හැකි බවත් තතු දත් ආරංචි මාර්ග හෙළි කරයි.

සිද්ධිය පිළිබඳ විශේෂ පරීක්ෂණයක් පැවැත්වෙමින් ඇති බව පොලිසිය කියයි.

Exit mobile version