පහළ වායුගෝලයේ කැළඹිල්ලක්… තද වැසි… අකුණු අනතුරු ගැන සැලකිලිමත් වන්න!. කාලගුණය කියයි…

rain

තුෂාරී කළුබෝවිල –

දිවයිනට ගිණිකොණ දෙසින් පහළ වායුගෝලයේ යළිත් කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතී.

ඒ හේතුවෙන් අහස වළාකුළින් බර වන අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර උතුරු හා නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති වේ.


ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයන්හි ඇතැම් ප්‍රදේශවලත් වැසි සමග අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් ආරක්ෂාකාරී වියයුතු බව අවධාරණය කෙරේ.

නායයාම් අවධානම් කලාපවලට වැසි ඇතිවීමෙන් නායයාම් සිදුවිය හැකි බැවින් විමසිලිමත් විය යුතු වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින වටා මුහුදේ සුළඟේ වේගය බස්නාහිර හා දකුණු වෙරළ ආශ්‍රිත ව පැයට කිලෝමීටර් 40ක් පමණ විය හැකි අතර වැසි තත්ත්වයක් ද පවතින බැවින් ධීවර හා නාවික කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ලංකසරට කීවේ ය.

Exit mobile version