“පහන්තුඩාවේ“ ගැන විශේෂඥ මනෝ වෛද්‍ය රූමී රූබන් කියන කතාව

ලලිත් චාමින්ද –

අන්තර්ජාලය තුළ සැරිසරණ ලිංගිකත්වය සම්බන්ධ විඩියෝ දර්ශන   පිටුපස ඇත්තේ ලිංගිකත්වය මුදලට අලෙවි කොට ඉන් මුදල් ඉපයිමේ  අරමුණ බැව් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රෑමි රුබන්   පවසයි.

මේ තුල ඇත්තේ  මානසික රෝගවත්  සාධාරණ මිනිස් අවශ්‍යතාවයන්වත් නොව,   තමන්ගේ ලිංගිකත්වය මුදලට අලෙවි කොට  ඉන්  මුදල් ඉපයිමේ පර්මාර්ථයැයි ද  ඔහු පවසයි. 

බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කිරීමේ  සිද්ධිය සම්බන්ධව  මාධ්‍යයට අදහස් දක්වමින් මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.


“වැදගත්කමක් නැති  ප්‍රසිද්ධියක් නොදියයුතු දේවල්වලට  අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදිමෙන් වන්නේ   නියම ප්‍රශ්න නියම අවශ්‍යතාවලට  අප දිය යුතු අවධානය  නොලැබි යාමයි. ලිංගිකත්වය කියලා කියන්නේ මිනිසුන්ගේ මුලික අවශ්‍යතාවයක්. නමුත් මේ මුලික අවශ්‍යාතවය ඉටුකරගන්න යනවිට සමාජයේ අනික් අය ගැන හිතන්න ඕන. එළිමහනේ  තවත් අයෙකුට පෙන්න ලිංගික ක්‍රියාවේ යෙදනවා කියන්නේ  සමාජයට දරුවන්ට කාන්තාවන්ට වන බලපෑමක් වෙන්න පුළුවන්. මේ අයට මානසික රෝගියක් තිබුනාද කියලා කෙනෙකුට කියන්න පුළුවන්.  

ඇත්තටම ඒ සඳහා මානසික රෝගි තත්වයක් තියෙන්න ඕන නැහැ. මිනිසුන්ගේ ස්වාභාවික අවශ්‍යතාවයන්  අශාවක් වෙන්න පුළුවන් ස්වභාව ධර්මයේ ඉඳගෙන ලිංගික ක්‍රියාවේ යෙදෙන එක. මෙවා අසාමාන්‍ය දේවල්. මේවා නැවත නැවත බලන්න ගියහොත්  අන්තර්ජාලය තුළ හුවමාරුකරගන්න ගියහොත් මෙවා පිටුපස තියෙන මුදල් ඉපයිමේ ව්‍යාපාරය  තව තවත් නඩත්තු කිරිමක් පමණයි වන්නේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිනිසුන්ගේ ආශාවක් තියෙනවා අනුන්ගේ ඕපදුප හොයන්න. තවත් දෙදෙනෙකු ලිංගිව එකතුවන දේ හොයන්න යන්නේ  මිනිසුන්ගේ තියෙන මානසික අවශ්‍යතාවයට . මේ මානසික අවශ්‍යතාවය ප්‍රයෝජනයට ගෙන බෝහෝ අය මින් මුදල් ඉපයිමේ ව්‍යාපාරයක් බවට පත්කරගන්න පුළුවන්. නමුත්  ඇතැම් විට මිනිසුන්ගේ මානසික රෝගත් තියෙනවා වෙනත් අයගේ   ලිංගිකත්නය බලා  ලිංගික ක්‍රියාවලිය යෙදෙන එක බලලා. අනිත් අයගේ නිරුවත් රුප බලලා පමණක් ලිංගික උද්දිපනයක් ගැනීමේ  හැකියාවක් තියෙනවා. මෙවා ලිංගික මානසික රෝගයක ලක්ෂණ. නිරුවත  පිට අයට පෙන්වලා   ලිංගික උද්දිපනයක් ලබා ගැනීම   කලාතුරකින් වෙන දේවල්.  මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා සදහන් කළේය.

 

Exit mobile version