කීර්ති ප්‍රනාන්දු –
ඊයේ සිට ඇදහැලෙන මහා වර්ෂාව නිසා කඩා වැටුණු පස් කන්දකට යටවී වරකාපොල ගස්නාව තෝලංගමුව ප්‍රදේශයේ පුද්ගලයෙක් මියගොස් ඇතැයි වරාකාපොල පොලිසිය පවසයි.
ඊයේ (13) රාත්‍රියේ දී මෙම අනතුර සිදුවී තිබේ.
නිවසේ සිටි කාන්තාවක් ද පස් කන්දට යටවීමෙන් තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කළ බව වරකාපොල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ගස්නාව තෝලංගමුව පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.