දිනසේන රතුගමගේ –
කිළිනොච්චිය පලෙයි කිලාලී ප්‍රදේශයේදී යුද හමුදාවේ අණ නොතකා ධාවනය කල වැලි ජාවාරම්කරුවන්ගේ ටැක්ටරයකට 20 දා සවස 6 ට පමණයුද හමුදාව වෙඩි තැබීම නිසා එක් පුද්ගලයෙකු මියගොස් තිබේ.
අනවසරයෙන් වැලි පටවා ගෙන පැමිණි පිරිස ගමන් ගත් ටැක්ටරයට නවතින ලෙස යුද හමුදාව සංඥා කළ අවස්ථාවේදී ටැක්ටරය ධාවනය කල රියදුරු ඉදිරියෙන් සිටි හමුදා සාමාජිකයින්ගේ ඇඟට ටැක්ටරය හරවා පලා යන්නට පටන් ගෙන තිබේ.
මේ අවස්ථාවේදී යුද හමුදාව විසින් ට්‍රැක්ටරය නවතාලීමට වෙඩි තබා ඇති අතර වෙඩි තැබීමෙන් තුවාල ලැබූ එක් පුද්ගලයෙකු කිළිනොච්චිය පලෙයි රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ තිරවියම් රාසලිංගම් නැමති විසි හතර හැවිරිදි කිළිනොච්චියේ පලෙයි කිලාලි ප්‍රදේශයේ පදිංචි අයෙකි.
සිද්ධිය පිළිබදව කිළිනොච්චිය පලෙයි පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.
