බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පලාතේ ආර්ථිකය ස්වාධීනව  ගොඩනගන්න බැරිනම්  බලය කුමට ද?.. 13 වන සංශෝධනය මඟින් ලබා දී ඇති බලතල  පළාතේ  සංවර්ධනය සඳහා  යොදවන්න..

by editor
ජනවාරි 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පළාත් මට්ටමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය මගින් සලසා ඇති බලතල ප්‍රමාණවත් බවත්, ඒ සඳහා මධ්‍යම රජයේ මැදිහත්වීම් සිදු නොකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   පැවසීය.

එසේම බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතු බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පළාත් මට්ටමින් ස්වාධීන ආර්ථිකයන් නිර්මාණය කර ගැනීම පිළිබඳ ජපානය, කොරියාව, එක්සත් රාජධානිය සහ ප්‍රංශය වැනි රටවලින් ඉගෙන ගන්නා ලෙස ඉල්ලා සිටි ජනාධිපතිවරයා 13 වන සංශෝධනය මගින් ලබා දී ඇති බලතල  තම පළාතේ  සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන ලෙස සියලු පළාත්වල මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කර සිටියේ යාපනය දිස්ත්‍රික්කයේ වෘත්තීයවේදීන්  සමඟ ඊයේ (04)  පැවති හමුවකදීය.

සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තීයවේදීන් මීට එක්ව සිටී අතර රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට අදාළව ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සහ මතුකළ ප්‍රශ්නවලට සාධනීය පිළිතුරු ලබා දුන් ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද පිළිසඳරකට ද එක් විය.

RelatedPosts

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2024 – 2025  ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කෙරෙන වසර දෙකක් බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා මෙරට ආර්ථික ප්‍රතිපත්තිවල සිදු කරනු ලබන උපායමාර්ගික වෙනසකම් පිළිබදව ද අනාවරණය කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය

2019 වසරේ එල්ල වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා රටේ ආර්ථිකය යම් පසුබෑමකට ලක් වුණා. ඒ වගේම 2020 මුහුණදිමට සිදු වූ කොවිඩ් වසංගතය නිසා එම තත්ත්වය තවත් ඉහළ ගියා. 2022 දී එය ඉතා නරක තත්ත්වයකට හැරණු අතර මෙරට ආර්ථක වර්ධනය ඍණ 7% ට වඩා අඩු අගයක් දක්වා පහත වැටුණා.

මෙම අසීරු කාලය පසු කර 2023 වසරේදී රටේ යම් ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ගැනීමට අපට හැකි වුණා. 2023 වසරේ මුල් කාර්තු දෙකේ ආර්ථික වර්ධනය අඩු වුවත් දෙවැනි කාර්තු දෙකේ අඩුවීමක් දක්නට නොතිබූ අතර සිව්වන කාර්තුවේ දී ධනාත්මක වර්ධනයක් ඇති වුණා.

මෙම පදනම මත අප මෙම වසරේදී 3%ක ධනාත්මක ආර්ථික වර්ධනයක්  ලබා ගැනීමට අපේක්ෂා කරනවා. එමෙන්ම 2025 දී එම ආර්ථික වර්ධන 5%දක්වා ඉහළ නංවා ගැනීමට සැලසුම් සහගතව කටයුතු කරනවා.

මේ අන්දමින් අපට ඉදිරියට යා හැකියි. මෙම වසර දෙක රටේ ආර්ථිකය ස්ථාවරත්වයට පත් කරන වසර දෙකක් බව කිව යුතුයි. අද අපි රටේ ආර්ථික ක්‍රමය වෙනස් කර තිබෙනවා. අපි තවත් මුදල් මුද්‍රණය කරන්නේ නැහැ. මුදල් මුද්‍රණය කළහොත් රුපියලේ වටිනාකම පහළ ගොස් උද්ධමනය ඉහළ යනවා. ඒ වගේම අපි බැංකු වලින් ණය ගන්නේ නැහැ. මොකද අපේ රාජ්‍ය බැංකු පද්ධතිය ගැටළුකාරී තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

ඒ නිසා ණය ලබා නොගෙන සහ මුදල් මුද්‍රණය නොකර අප ඉදිරියට යා යුතුයි. මේ නිසා තමයි ණයකරුවන් සමඟ පැවැත්වූ සාකච්ඡාවවලදී මෙරට  ආර්ථිකය ප්‍රමාණවත් තරම් ශක්තිමත් වෙයිද කියා ඔවුන් විමසා සිටියේ.

එසේනම් අප රජයේ ආදායම ඉහළ නංවාගත යුතුව තිබෙනවා.  අපට මෙම වසරේදී දළ ජාතික නිෂ්පාදනයෙන් 12%ක ආදායමක් ලබා ගැනීමට සිදු වෙනවා. එය අවසන් කිරීමට තිබෙන්නේ 15%ක ඉලක්කයකින්.

ඒ නිසයි අපට මෙම වසරේදී වැට් බද්ද වැඩි කිරීමට සිදු වුණේ. ප්‍රමාණවත් ආදායමක් ලැබෙන ආර්ථිකයක් රටට තිබිය යුතුයි. ඒ වගේ අපි අයවැය සඳහා මුදල් වෙන් කළ යුතුයි. සංවර්ධනයට මුදල් වෙන්කළ යුතුයි. ඒ වගේම අපේ අවශ්‍යතා වෙනුවෙන් මුදල් වෙන් කළ යුතුයි.

විශාලම ගැටළුව වන්නේ අපේ ආදායමෙන් වැඩි ප්‍රමාණයක් ණය පොලී ගෙවීම සදහා වියදම් කිරීමට සිදුවීමයි. මේ පිළිබඳ අප සියලුදෙනාම වගකිව යුතුයි. මොකද අවශ්‍යතාවන් තෘප්තිමත් කිරීම සඳහා රජයන් තමන්ගේ හැකියාවන් ඉක්මවා වියදම් කළා.  මේවා නිවැරදි කරගෙන අප ඉදිරියට යා යුතුයි. ඒ නිසා අපිට අලුත් ආර්ථිකයක් අවශ්‍යයි. අපි සැලසුම්සහගතව රට තුළ එම ආර්ථිකය ගොඩනගමින් සිටිනවා.

එය රැකියා උත්පාදනය කරන ආර්ථිකයක් වගේම විදේශ විනිමය අතිරික්තයක් ලබා දෙන, අතිරික්ත ආදායමක් ලබා දෙන ආර්ථිකයක් විය යුතුයි. එහිදි අපනයන පදනම් කරගත් කෘෂි ආර්ථිකයක් පිළිබඳ අප විශ්වාස තබා තිබෙනවා.

උතුරේ ආර්ථික කේන්ද්‍රස්ථානය –

උතුරු පළාත සුවිශේෂී ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස ගොඩනැගීමට හැකියාව තිබෙනවා. ඒ වගේම පුනර්ජනනීය බලශක්ති කේන්ද්‍රස්ථානයක් ලෙස උතුර ගොඩනැඟිය හැකියි. උතුරු පළාත සංවර්ධනයට අවශ්‍ය සියලු සම්පත් එහි තිබෙනවා. උතුර පමණක් නොව රටේම සංවර්ධනයට එය දායක කරගත හැකියි.

ඒ සඳහා දැනටමත් ප්‍රමාණවත් තරම් බලය බෙදීමක් සිදුව තිබෙනවා. 13 වන සංශෝධනය හරහා ලැබී තිබෙන බලතල එම කටයුතු සඳහා ප්‍රමාණවත් කියා අප සිතනවා. කොළඹින් මුදල් එනතුරු බලා නොසිට සියලුදෙනා එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස මම ඉල්ලා සිටිනවා.

ජපානය කෙරෙහි අවධානය යොමු කළහොත් ජපානය ෆෙඩරල් රාජ්‍යයක් නෙවෙයි. නමුත් එහි සියලු පළාත් සංවර්ධනය වී තිබෙනවා. ඒ වගේම කොරියාව, එක්සත් රාජධානිය, ස්කොට්ලන්තය එම දියුණුව ලබාගෙන තිබෙනවා. ඒසේ නම් ඇයි අපට රටක් ලෙස අපේම ආර්ථිකයක් ගොඩනගාගත නොහැකි.

13 බලතල පලාතේ දියුණුවට…

බලය බෙදීම ගැන කතා කරනවා වගේම, එම බලතල තම පළාත්වල දියුණුවටත්, රටේ දියුණුවටත් යොදා ගත යුතුයි. අපි දේශපාලනික වශයෙන් බලය බෙදීම පිළිබඳ කතා කරනවා. නීතියෙන් මෙම සියලු බලතල ලබා දිය හැකිය. නමුත් ඔබගේ පළාත දියුණු කිරීමට අවශ්‍ය තරම් මුදල් නැති නම් එහි ඇති වටිනාකම කුමක්ද කියා අප විමසා බැලිය යුතුයි.

බලය බෙදීම පිළිබඳ අපට විවිධ අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් අද වන විට තමන්ගේ වියදම තමන්ටම සලසා ගැනීමට හැකියාවක් තිබෙන්නේ බස්නාහිර පළාතට පමණයි. ඒ අනුව අනෙක් සියලුම පළාත් බස්නාහිර පළාතට සම්බන්ධ වෙනවා. එසේනම් තමන්ගේ පළාත දියුණු කිරීමට තම පළාත් තුළින්ම ශක්තිමත් විය යුතුයි.

ඔබේ පළාතේ විදේශ භාෂා පාසලක් ඇති කිරීමට අවශ්‍ය නම් රජය ඊට මුදල් ලබාදිය යුත්තේ ඇයි. ඒ සඳහා ඉල්ලුමක් තිබේ නම් සහ අවශ්‍යතාවය තිබේ නම් ඔබට එය පහසුවෙන් ආරම්භ කළ හැකි විය යුතුයි. සිසුන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය ආධාර ලබාදීම රජය සිදු කරනවා. ලෝකයේ සෑම රටකම පවතින අධ්‍යාපනය ක්‍රියාත්මක එයයි. මට කළහැක්කේ මේ රටේ කඩාවැටුණු ආර්ථිකය නැවත සකස් කිරීම පමණයි.

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ වෙරළට තවත් අමුතු  බඩුවක් ගොඩ ගසයි… මේ තුන් වැනි පාර…

Next Post

මරණ 07ක් වාර්තා කළ අන්තවාදී ආගමික කල්ලියේ තවත් අනුගාමිකයෙක් වහ බීලා…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.