පරිප්පු සහ සීනි තොග මිල අඩු වෙයි!

කීර්ති ප්‍රනාන්දු –

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 30 කින් සහ පරිප්පු කිලෝවක තොග මිල රුපියල් 40 කින් අඩු කර ඇතැයි පිටකොටුව තොග වෙළෙන්දෝ පවසති .

රුපියල ශක්තිමත් වීම හේතුවෙන් සුදු සීනි සහ පරිප්පු තොග මිල මෙසේ අඩු කළ බව තොග වෙළඳුන් කියා සිටිති .

සීනි කිලෝවක් සඳහා පැවති රුපියල් 50ක ආනයන බද්ද සත 25 දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 7000 ක ද රුපියල් 15 ක් වශයෙන් පැවැති පරිප්පු ආනයන බද්ද රුපියල දක්වා අඩු කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600 ක බදු ආදායමක් ද මේ වන විට රජයට අහිමි වී ඇතැයි තොග වෙළෙඳපොළ ආරංචිමාර්ග පවසයි .

සීනි බද්ද සත 25 දක්වා අඩු කළ 2020 ඔක්තෝම්බර් 13 වනදා සිට මේ දක්වා සත 25 බද්ධ යටතේ සීනි මෙට්‍රික් ටොන්
ලක්ෂ 14ක් ද ,රුපියලක බද්ධ යටතේ පරිප්පු මෙට්‍රික් ටොන් ලක්ෂ 04ක්ද මෙරටට ආනයනය කර ඇතැයි තොග වෙළෙන්දෝ වැඩි දුරටත් කියා සිටිති .


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව සුදු සීනි සහ පරිප්පු තොග මිල අඩුවීමේ වාසිය මෙරට පාරිභෝගිකයාට ලැබිය යුතු බවද වෙළෙන්දෝ පවසති  .

Exit mobile version