පරිගණක අපරාධ ගැන නීතිය පාසල් සිසුන්ට කියාදෙන්න යයි!

පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදයෙන් පියවර

අන්තර්ජාලය ඔස්සේ මෙහෙයවන පරිගණක අපරාධ (Cyber Crime) පිළිබඳ පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට දරුවන් උදෙසා වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන්ගේ සංසදය තීරණය කර තිබේ.

ප්‍රජනක සෞඛ්‍යය  හා ලිංගික අධ්‍යාපනය  පිළිබඳ සිසුන් දැනුම්වත් කිරීමේ වැඩසටහනෙන් අනතුරුව අන්තර්ජාලය ඔස්සේ මෙහෙයවන පරිගණකඉ අපරාධ පිළිබඳ පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ වැඩසටහන ආරම්භ කරන බව ‘ලංකාසර‘ කළ විමසීමේදී සංසදයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිණී කවිරත්න කීවාය.

සයිබර් අපරාධ පිළිබඳ සරල නීතිය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා අමතර කියවීම් පොත් ලෙස හෝ නිර්දේශ කරන ලෙස ඉල්ලීමක් අධ්‍යාපන අමාත්‍යංශයට යෝජනා කරන බවද මන්ත්‍රීවරිය තවදුරටත් කීවාය.

එකී වැඩපිළිවෙළ යටතේ පාසල් දරුවන් පරිගණක අපරාධයකට නතු වුවහොත් ඊට අදාළව නීතිය මාර්ගයෙන් සැලසෙන ආරක්ෂණය පිළිබඳව මෙන්ම දරුවන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන පරිගණක අපරාධ නිසා ඔවුන්ට නීතියෙන් ලැබෙන දඬුවම් පිළිබඳවත් දැනුම්වත් කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය කීවාය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“අද facebook එකේ වැඩිහිටි ප්‍රජාව දමන අදහස්වලින් පවා පේනවා සදාචාරයක් නොමැති බව. යහපත් තාක්ෂණික භාවිතාවක් ගැන අවබෝධයක් සමාජයේ එකවර ඇති කරන්න බෑ. ඒක දරුවන්ගෙන් පටන් ගන්න ඕනෑ..වැඩිදුරටත් මන්ත්‍රීවරයි පවසා සිටියාය.”

Exit mobile version