පරරාජසිංහම් ඝාතන නඩුවෙන් පිල්ලෙයාන් නිදොස් කොට නිදහස්

පිල්ලෙයාන්....

මඩකලපුව දිස්ත්‍රික් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී පිල්ලෙයාන් නොහොත්  සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන්, දෙමළ ජාතික සංවිධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට අද (13) මඩකලපුව මහාධිකරණය තීන්දු කළේය.

ජෝෂප් පරරාජසිංගම් මන්ත්‍රීවරයා 2005 වසරේ දෙසැම්බර් 25 වැනිදා මඩකලපුව ශාන්ත මරියා දේවස්තානයේ දේව මෙහෙයකට සහභාගී වූ අවස්ථාවේදී වෙඩි තබා ඝාතනය වූ අතර මෙම සිද්ධිය සමබන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත්වූ සිවනේස්තුරයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් වසර 4ක් පමණ රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර පසුගිය නොවැම්බර් 24  වනදා ඔහුට ඇප හිමිවිය.

පසුගිය සදුදා (11) මෙම නඩුව මඩකලපුව මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ඩී. සුසයිදාසන් මහතා ඉදිරියේදී විභාගයට ගැණුනු අතර නීතිපති වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයා මෙම නඩුව ඉදිරියට ගෙනයෑමට අදහසක් නොමැති බව දැනුම්දීමෙන් අනතුරුව අධිකරණය දැනුම්දුන්නේ අද දින (13) නඩු තීන්දුව දෙන බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි තවත් සැකකරුවන් සිව්දෙනෙකුද අද නිදහස් කෙරුණි.

Exit mobile version