ඊයේ (22) සවස් වන විට ගමේ පන්සලේ පොඩි හාමුදුරුවරු සිවු දෙනෙක ඇතුළුව කොවිඩ් ආසාදිතයින් 22ක් වාර්තා වීම නිසා ගම්පහ අත්තනගල්ල ප්‍රාදේශීයලේකම් කොට්ඨාසයේ එළුවාපිටිය ග්‍රාමයට සීමා නීති පනවනු ලැබුවේය.
එය මුළුමනින්ම වසා ලොක්ඩවුන් තත්වයට පත් කරනු ලබන්නේද යන්න අද හවස් වනවිට තීරණය කරන බව වේයන්ගොඩ පොලිසිය පැවසුවේය.
පෙරේදා පෙර දින කළ පීසීආර් ප්‍රතිඵල මත ඊයේ වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන් 22 දෙදෙනා මත පදනම්ව සීමා නීති පැනවූ බවත් පෙරේදා කළ පීසීආර් පරීක්ෂණ වාර්තා නිකුත් වන්නේ අද සවසට බැවින් ඒ මත පදනම්ව අදාල තීන්දුව ගන්නා බවත් වැඩිදුරටත් පොලිසය ප්‍රකාශ කළේය.
බරපතලම තත්වය වී ඇත්තේ එළුවාපිටියෙන් ඊයේ වාර්තාවන කොවිඩි ආසාදිතයන් සියලු දෙනාම ආශ්‍රිතයන් වීමය. ඔවුන් තමන්ට වෛරසය ආසාදනය වී ඇති බව නොදැන ගම තුළ විශාල ප්‍රදේශයක සංචරණය කර තිබීම නිසා තත්වය සංකීර්ණ වී තිබේ.
මේ වනවිට ග්‍රාමයට ඇතුළුවන සියලුම මාර්ග පොලිසිය විසින් වසා දමා ඇත. එළුවාපිටිය අසල කුරීකොටුව හා මාලිගාතැන්න ගම්මාන තුළ ද ආසාදිතයන් වාර්තා වී ඇත. එම ගම්මානවල පවුල් කිහිපයක් නිරෝධායනය සඳහා යොමු කර තිබේ.