කොතලාවල විශ්විද්‍යාලය පිහිටුවීම සඳහා විශ්ව විද්‍යාලයේ ප්‍රතිපාදන කොමිෂන් සභා පනත සංශෝධනය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද ප්‍රකාශ කළේය.
ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ බෞද්ධ උපදේශක සභාව 11වන වරටත් ජනාධිපති කාර්යාලයේ දී අද (17) රැස්වූ අවස්ථාවේදීයි.
උසස් අධ්‍යාපනය සඳහා දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමිවන විශාල මුදලක් ඉතිරි කරගැනීමේ අභිලාෂයෙන් නම් ඉහළ ප්‍රමිතියෙන් යුතු මෙවැනි විශ්ව විද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා සංඝයාවහන්සේ ඉදිරියේ ප්‍රකාශ කර තිබිණි.
රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කළේය.