සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පළමු දවසෙම පාර්ලිමේන්තුවෙ ඉන්නෙ අලුත් කැබිනට් එකේ හතරයි… විජය බා කොල්ලයේ රජ මාලිගාව වගේ පාර්ලිමේන්තුව රකින්න බෑ….

ගෝල්ෆේස් තරුණ නායකයින්ගේ හඩ පාර්ලිමේන්තුවට ගෙනෙන අයුරු ගැන යෝජනා කරමින් හිටපු අගමැති පාර්ලිමේන්තුවේ දී කී කතාව...

by editor
අප්‍රේල් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නව කැබිනට් මණ්ඩලය පත් කළ පසු පැවැත්වෙන පළමු පාර්ලිමේන්තු සැසියට කැබිනට් ඇමතිවරු  හතර දෙනෙක්වත් නොමැති වීම සම්බන්ධව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අද (19)  සිය කණගාටුව ප්‍රකාශ කළේය.

“අද   අලුත් කැබිනට් මණ්ඩලයේ  පළවෙනි දවස. අද දවසේ ඇමතිවරු හතරදෙනෙක් මෙතන නැතිනම් ඊට පස්සේ කී දෙනෙක් එනව ද?. එක් ඇමතිවරයෙක් වොෂින්ටන් ඉන්නවා. මම ඒක පිළිගන්නවා.  මං කියන්නෙ අපි මේ පාර්ලිමේන්තුවට ගරු කරනවා නම් කරුණාකරලා විපක්ෂයට තැනක් තියනවා නම් ඇමතිවරු ඇවිත්    පිළිතුරු දෙන්න කියලා මම කියන්න කැමතියි.“

“ගිය සතිය වගේ ආපහු කළොත් ඔවුන්   මෙතෙන්ට එන්නෙ.  මතක තියාගන්න… විජයබාකොල්ලයෙ  රජමාලිගාව වගේ අපට මේක හැමදාම  ආරක්ෂා කරන්න බෑ. අපට මේ භූමියේ ගෞරවය ආරක්ෂා කරන්න පුලුවන් අපේ ක්‍රියාවෙන් පමණයි.   “

මූල්‍ය පාලනය පාර්ලිමේන්තුව තුළ ස්ථාවර කිරීම සඳහා හිටපු අගමැතිවරයා  කෙටුම්පතක් ඉදිරිපත්  කරමින් කීවේ  කමිටුවල බලතල වැඩි කරන ලෙසය ප්‍රාග්ධන වියදම් අඩු කිරීම,  රජයේ  ඉඩම් අනේක දේපල විකිණීම නැවැත්වීම, එසේ විකුණන්නේ නම්   ඒ බව  පාර්ලිමේන්තුටව දැන්වීම ගැනද ඔහු අවධාරණය කළේය. ,

ආර්ථික කළමනාකරණය සදහා නව කමිටු කීපයක් බලගන්වන ලෙස ඉල්ලා සිටි හිටපු අගමැතිවරයා අධීක්ෂණ කමිටු 20  බලගන්වන ලෙස කීවේය. මහබැංකුවට පාර්ලිමේන්තු අවසරයකින් තොරව  මුදල් මුද්‍රණය කිරීම නවත්වන ලෙසත්,  අයවැය කාර්යාලයක් පාර්ලිමේන්තුවේ  පිහිටුවන ලෙසත්,  තේරූම් කාරක සභා දෙකක අවශ්‍යතාවයත් හිටපු අගමැතිවරයා මතු කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

නවසීලන්තයේ එක්සත් රාජධානියේ තුර්කියෙ නීති ආදර්ශ සහිතව නව තේරුම් කාරක සභාවක් පිහිටුවන ලෙස යෝජනා කළ හිටපු අගමැතිවරයා මෙම කමිටු ක්‍රමය පුලුල්ව බලගැන්වුවහොත් ඒ සඳහා ගෝල්ෆේස් තරුණ නායකත්වය ද එක් කරගත හැකි බව ඔහු ප්‍රකාශක කළේය.

“මේ කොමිටි ක්‍රමය ගෙනාවොත් මේ මන්ත්‍රීවරු ගණනාවක් ඉන්නවා.  ගෝල්ෆේස් තරුණ නායකයො මෙතෙන්ට ගෙන්වමු. මේ කමිටුවලට ගෙන්වමු. ඔවුන්  දැන් කෑ ගහන්නෙ ජනාධිපතිවරයාට විතරක් නොවෙයි. 225ම එපා කියලා.  ඒ තරුණයින් පාරට බැහැලා ඉන්නේ අපේ වැරැද්දෙන්.“

“මේ තරුණ තරුණියන් සම්බන්ධව අපට එක යුතුකමක් කියනවා. ඔවුන් අතීතයෙ වාගෙ අවි ආයුද අතට ගත්තෙ නෑ. කැරළි ගැහුවෙ නෑ. සාමකාමීව ඔවුන් කියන්නෙ ව්‍යවස්ථාවෙන් විසඳුමක් හොයන්න. මේ පාර්ලිමේන්තුවට කියන්නෙ  ව්‍යවස්ථාවෙන් එය ඉටුකරන්න කියලා. “

“මේ සභාවෙ අපි සියලු දෙනාම ඒ තරුණ තරුණියන්ගේ හඬට ගරු කරන්න ඕන. මේ ඒ ගොල්ලනගේ අනාගතය. අපේ අනාගතය ඉවරයි. ඒ අයට අයිතියක් තියනවා මෙතෙන්ට එන්න. ඒ අදහස් ගන්න. අපි ආණ්ඩුවට කියන්නේ මේ කතාව අපට විතරක් කතා කරලා බේරගන්න බෑ. කරුණාකරලා ඒ තරුණ තරුණියන්ගේ අදහස්වලට රටේ පීඩනයෙන් යටත් වෙලා තියන ජනතාවගෙ හඬට ඇහුම්කන් දීලා විසඳුමක් ලබා ගන්න කියලා මං ඔබ සියලු දෙනාටම කියනවා.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

19 යළි බල ගැන්වීම හොඳම කාලීන විසඳුමයි… 20 ගෙනා අගමැති පාර්ලිමේන්තුවේ දී කියයි!

Next Post

බස් ගාස්තු සංශෝධන වාර්තාව අද සවස ඇමති අතට…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.