පකිස්ථාන ගුවන් හමුදා කඳවුරකට ප්‍රබල මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක්… ගුවන් යානා 03ක් විනාසයි!

උතුරු පකිස්ථානයේ මියන්වාලි හි පිහිටි පාකිස්ථාන ගුවන් හමුදා කඳවුරට සිකුරාදා රාත්‍රියේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් සම්බන්ධ දැවැන්ත ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ බව වාර්තා වේ.

ප්‍රහාරයේ වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. පකිස්ථාන හමුදාව උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ප්‍රහාරකයින් තිදෙනෙකු මරා දැමූ බවය.ප්‍රහාරකයින් තිදෙනෙකු තවමත් කඳවුර තුළ ක්‍රියාකාරීව සිටින බැවින් දැඩි වෙඩි හුවමාරුවක් සිදුවෙමින් පවතින බව එහි සඳහන් වේ.

තලේබාන් සංවිධානයට සම්බන්ධ Tehreek-e-Jihad කණ්ඩායම ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව වාර්තාවේ. ප්‍රහාරකයින් තුරන් කර ඇති බවත් නිෂ්කාශන මෙහෙයුම ක්‍රියාත්මක බවත් පකිස්ථාන ගුවන් හමුදාව ප්‍රකාශ කරයි.

ප්‍රහාරකයින් ගුවන් හමුදා කඳවුරේ උස් තාප්පය මත ඇති ආරක්ෂිත කම්බබි වැට කපා  කඳවුරට ඇතුළුවීම සඳහා  ඉනිමගක් භාවිතා කර තිබේ. මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය සඳහා  නවීනතම ආයුධවලින් සන්නද්ධ වී  මරාගෙන මැරෙන සටන්කරුවන් 06 දෙනෙක්   ගුවන් හමුදා කඳවුරට ඇතුළු වී තිබේ. ඉන් තුන් දෙනෙක් ඝාතනය කර ඇති අතර ඉතිරි තුන් දෙනා සමග කඳවුර තුළ සටනක නිරත වෙමින් ඇති බව වාර්තා වේ.


කඳවුර තුළ  නවතා තිබූ ගුවන් යානා කිහිපයක් ප්‍රහාරකයින් විසින්  විනාශකර ඇති බව වාර්තා වේ. ප්‍රහාරය සහ හානියේ තරම පකිස්ථාන හමුදාව විසින් තහවුරු කර ඇති නමුත් ඔවුන් එය හඳුන්වන්නේ අසාර්ථක ත්‍රස්ත ප්‍රහාරයක් ලෙසයි.

“2023 නොවැම්බර් 04 දින අලුයම පකිස්තාන ගුවන් හමුදාවේ මියන්වාලි පුහුණු ගුවන් කඳවුර අසාර්ථක ත්‍රස්ත ප්‍රහාරයකට ලක් වූයේය.  අල්හුම්ඩොල්ලාහ්, භටයින්ගේ වේගවත් හා ඵලදායී ප්‍රතිචාරය හේතුවෙන් එය ව්‍යර්ථ   කර ඇත. කාර්ය මණ්ඩලයේ සහ වත්කම්වල ආරක්‍ෂාව   සහතික  කරමින් ත්‍රස්තවාදීන්  3  දෙනෙකු කඳවුරට ඇතුළු වීමටත් පෙර වෙඩි ප්‍රහාරයට ලක් කිරීමෙන් නිශ්ක්‍රීය කර තිබේ.     ඉතිරි ත්‍රස්තවාදීන් 3 දෙනෙකු භට පිරිස් විසින්   ඵලදායී ප්‍රතිචාර දක්වමින් හේතුවෙන් කොටු කර/හුදකලා කර ඇත.

ප්‍රහාරයේදී දැනටමත් ගොඩබස්වා තිබූ ගුවන් යානා තුනකට සහ ඉන්ධන බවුසරයකට ද යම් අලාභ හානි සිදුවී තිබේ.   මෙහෙයුමක් අවසන් අදියරේ පවතී. පකිස්තාන සන්නද්ධ හමුදාව ත්‍රස්තවාදී උවදුර රටෙන් තුරන් කිරීමට කැපවී සිටිති,”

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පකිස්ථාන සන්නද්ධ හමුදා ප්‍රකාශක විසින් නිකුත් කරන ලද ප්‍රකාශය සඳහන් වී ඇත.

Exit mobile version