සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පක්ෂ මාරු කරන්නෙ නෑ… ඒ වගේ දේවල් මගේ සිලබස් එකේ නෑ – රන්ජන් කියයි!

මනුෂ ඇමතිතුමා දුන් තනතුරට අදාල ලිපිය කියෙව්වා... එය බාරගන්නවද නැද්ද කියලා තවම තීරණය කරලා නෑ...

by editor
අගෝස්තු 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ට ලැබී ඇති නිදහස ලබා දීම සඳහා හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර මහත්වරුන් විශාල කැපකිරීමක් සිදුකළ නමුත් දේශපාලන පක්ෂ මාරුකිරීම තමන්ගේ විෂය නිර්දේශය තුළ නැතැයි අද නිදහස ලැබූ රන්ජන් රාමානයක පැවසුවේය.

ඔහු මේ බව පැවසුවේ නිදහස ලැබීමේන් පැවති පසු පළමු පුවත්පත් සාකච්ඡාවට සහභාගී වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුර දෙමිනි.  රන්ජන් රාමනායක සමගි ජන බලවේගයේ විශාල කණ්ඩායමක් සමග එක්සත් ජාතික පක්ෂයට එක්වනු ඇති බවට  එක්සත් ජාතික පක්ෂ පාර්ශවය විසින් කර තිබූ ප්‍රකාශයක් පදනම් කරගෙන මාධ්‍යවේදියා මෙම ප්‍රශ්නය රන්ජන් රාමනායකගෙන් විමසා සිටියේය.

තමන් සිරගතවු දා සිට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් නිදහස ඉල්ලා සිටිමින්, තමන් අඟුනකොලපැලැස්ස බන්ධනාගාරයේ පැදුරක් නොමැතිව සිටිය දී පැදුරක් මෙට්ටයක්, ඉඳගැනීමට පුටුවක් ලබා දීමේ සිට අධ්‍යාපන කටයුතු සඳහා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර මුල සිටම තමන්ගේ දුක සැප විමසූ පුද්ගලයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා බව ඔහු කීවේය

මනුෂ නානායක්කාර සහ හරීන් ප්‍රනාන්දු  ඇමතිවරුන් තමන් වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළ බව කී රන්ජන් රාමනායක     ජිනීවාගොස් ඔවුන්ට සන්දේශයක්  භාරදීමට  ඇවැසි වීසා පහසුකම් සකස් කර දීමට මැදිහත්  වූයේත් විපක්ෂ නායකවරයා බවත්   සිහි කළේය.

විදේශ රැකියා ක්ෂේත්‍රයේ තමන්ගේ  අතීත කැපවීම සම්බන්ධව ඇගයීමක් කර  හිත මිත්‍ර මනුෂ නානායක්කාර ලබා දුන් තනතුර සම්බන්ධ තවම තීරණයක් ගෙන නොමැති බව කී රන්ජන් රාමානයක කෙසේ වෙතත් තමන්ගේ විෂය නිර්දේශය තුළ පාවාදීම්, හොරකම්, පක්ෂ මාරු කිරීම් නැති බව පැහැදිලි කළේය. එමෙන්ම ගරු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ තමන්ට මෙම නිදහස ලබා දීමට    මැදිහත් වන්නේ එක් කොන්දේසියක් පිට බවත් එනම් දූෂණ විරෝධී සටන නොනවත්වා පවත්වා ගැනීම බවත් තමන් ඒ පොරොන්දුව ආරක්ෂා කරන බවත් රන්ජන් රාමනායක පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු මෙසේ ද කීවේය.“

“මාව සිරගත කළේ 2021 ජනව‍ාරි 12 වැනිදා. එදා සිට මා සමග කතා කිරීම තහනම්කරලා තිබුනේ. මා සිරගත වෙලා ඉනන් අවධියෙ කතා කළානම් මා සමග හිටිය බන්ධනාගාර නිලධාරින්ට රැකියාව අහිමි වෙනවා“

“මට අද හම්බවෙලා තියෙන්නෙත් කොන්දේසි සහිත සමාවක්. යම් යම් විෂයන් ගැන කතා කිරීම සපුරා තහනම් . එහෙම කතා කළොත් මට හිමි වී තිබෙන අත්හිටවූ සිරදඬුවමක් ක්‍රියාත්මක වෙනවා මුල ඉඳන්. එක වචනයක් වැරදුනොත් අයුතු ජනරාශිය වගේ චෝදනා එල්ලවුනොත් නැවත මට සිරගත වෙන්න වෙනවා අවුරුදු  පහකට. බොහෝ දේවල් තියනවා මට කොන්දේසි දාලා. මට පරණ පුරුදු විදිහට කතා කරන්න   ආසයි. ඒත් බෑ. ඒ ගැන මම ඉන්නේ කණගාටුවෙන්.  නමුත් කරන්න දෙයක් නෑ. මේක තමයි අපි මුහුණ දෙන්න වෙලා තියන යථාර්ථය.““

“මගෙ යුනිට් එක හදලා තියෙන්නේ ඩිවයිස්එක ටියුන් කරලා තියෙන්නෙ ඇත්තම කතා කරන්න. නමුත් ඒක කරන්න අමාරුයි. මා පහුගිය කාලෙ යූත් ඇන්ඩ් කමියුනිටි ඩිවලප්මන්ට්  ලීඩර් ෂිප් ඩිවලොප්මන්ට් කියන බැචුලර් ඔෆ් ආර්ට් ඩිග්‍රි එක කළා. විවෘත විශ්විද්‍යාලයෙන්. එයින් මා ඉගනගත්ත දේවල් තියනවා. ඔබ අහන ඇතැම් ප්‍රශ්නවට පිළිතුරු නොදී  සිටීමේ  අයිතිය තියනවා. ඒත් මගෙ හිතෙ තියන දේ වලක්වන්න කාටවත් බෑ.“

“මේ ලැබුන සමාව ගැන අතිගරු ජනාධිපති තුමාට ස්තුතිවන්ත වෙනවා. කොන්දේසි සහිත සමාව හරි මට ලැබුනෙ එතුමාගෙ අත්සනින්.“

“එක දිගටම විපක්ෂ නායකයා ඉල්ලද්දි හිටපු ජනාධිපතිතුමා මගහැරියා.  .පස්සේ හතර දෙනෙක් මග මරපු කෙනෙකුට ජනාධිපති සමාව දුන්නා. අපි දිගටම ඉල්ලුවා. නමුත් මට ලැබුනෙ නෑ. රස්තිියාදු කළා.“

“වත්මන් ජනාධිපතිතුමා  අගමැති තුමා වෙලා ඉද්දි සමන් ඒකනායක මහත්මයා සහ කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක එවලා කිව්වා අනිවාර්යයෙන් මට සමාව දෙනවා කියලා ජනාධිපති වු විගස. ඒ පොරොන්දුව ඉෂ්ට කළා. ඒකට ස්තුතියි. “

“විජේසදාස රාජපක්ෂ ගරු ඇමති තුමා  මා වෙනුවෙන්   සියලු දේවල් කළා. අගවිනිසුරුතුමා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. “

“ඒ වගේම හිරේ ගිය දා සිට සජිත් ප්‍රේමදාස මැතිතුමා, පැදුරක්වත් නැතිව බිම දාල හිටපු මට  පැදුරක් මෙට්ට්යක් පුටුවක් අරන් දෙන්න පවා මැදිහත් වුනා.

මං හැමදාම තිත්ත ඇත්ත කතා කළා. ජිනීවා යද්දි හරීන් ප්‍රනාන්දු මැතිතුමට  හා මනුෂ නානායක්කාර මැතිතුමාට වීසා හදලා දුන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමා.  මට හරීන් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාර මැතිතුමන්ලා   අමතක කරන්න බෑ. ඔවුන් අමාත්‍යධූර බාරගන්නකොට ජනාධිපතිතුමාගෙන් කරපු දෙවැනි ඉල්ලීම තමයි රන්ජන්ට නිදහස ලබා දෙන්න කියන එක.

“කලාකරුවන් මා වෙනුවෙන් බොහෝ දේවල් කළා. ඔවුන් සියලු දෙනාටම වෙන වෙනම ස්තුති කරන්න මා වෙනම දිනයක විශේෂ හමුවක් සංවිධානය කරනවා. “

මා අසරණවෙලා ඉද්දි මට වතුර බෝතලයක්  බත් පැකට් එකක් අරන් ආපු හැම දෙනාටම ස්තුතියි. “

ඒ වගේම ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මම වෙනස් වෙයිද කියන එක.   මා  බය වෙලාද. පක්ෂ මාරු කරයිද කියන එක. ,  ඒව මගෙ සිලබස් එකේ නෑ. මේ පොඩි වාරණයක්. වැඩිය ඒ ගැන කිව්වොත් අපිට ආයෙ මේ විදිහෙ ප්‍රෙස් එක්ක කරන්න වෙන්නේ නෑ. ආයෙ ඔයාලට වැලිකඩ ඉස්සරහට එන්න වෙනවා.“

මේ අවස්ථාවට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ දේශපාලනය කළ හැකි සේ රන්ජන්ගේ මානව අයිතිය ස්ථාවර කරගත් දිනයක ලැබෙන මුල්ම අවස්ථාවේ ජාතික ලයිස්තුවෙන් ඔහුව පාර්ලිමේන්තුවට ගැනීම සිදුකරන බවය.

පුවත්පත් සාකච්ඡාව –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වීසා අවලංගු කර දින 10ක්… ගෝල්ෆේස් අරගලය ලෝකයට කී ස්කොට් තරුණිය තවමත් ආගිය අතක් නෑ….

Next Post

සූම් එකෙන් සහභාගී විය හැකි සමුලුවකට ඇමරිකා යන්න ඇමති සුසිල් වැලේ වැල් නැති අමාත්‍යාංශයෙන් ලක්ෂ 45ක් වෙන් කරන්!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.