ලලිත් චාමින්ද –
පසුගිය ජනාධිපතිවරණයේ දි සහ මහමැතිවරණයේ දි ශ්‍රිලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වි වෙනත් දේශපාලන පක්ෂවලට සහයෝගය ලබාදුන් දකුණු පළාත් සභාවේ හිටපු ශ්‍රිලංකා පොදුජනපෙරමුණේ මන්ත්‍රිවරු ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගෙන යලි එක්විම සදහා සාකච්ඡාවක් පවත්වා ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණයේ දි සහ මහමැතිවරණයේ දි නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණට, සමගි ජන බලවේගයට සහ සර්ව ජන බලයට සහයෝගය ලබාදුන් හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරු මෙම රැස්විම සදහා සහභාගි වී තිබේ.
මාතර ප්‍ර දේශයේ හෝටලයක පැවති මෙම රැස්විම සඳහා දකුණු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රිවරු විසි දෙනෙකු පමණ සහභාගි වි ඇත.
ඉදිරි පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණයේ දි සියලු වාදභේද අමතක කොට පුළුල් සන්ධානයක් ලෙස එක්ව තරගකළ යුතු ආකාරය පිළිබද මෙම රැස්විමේ දි සාකච්ඡා වී තිබේ.
ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ හැරගිය දකුණු පළාතේ හිටපු ඇමතිවරු, මන්ත්‍රිවරු මෙම සන්ධානයකට එක් කර ගැනිම සඳහා ඉදිරියේ දි ඔවුන් සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තුවන බව දකුණු පළාත් සභාවේ හිටපු ජේ්‍යෂ්ඨ මන්ත්‍රිවරයකු සදහන් කළේය.
මෙම රැස්විම සඳහා හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සම්පත් අතුකොරල, ඇතුළු පිරිසක් එක්ව ඇත.







