නෝර්වේ ඝාතකයෙක් දුනු ඊතල වලින් විද පුද්ගලයින් 05ක් මරයි!

දුන්නකින් සහ ඊතලවලින් සන්නද්ධ වූ පුද්ගලයකු ඊතල වලින් විද පුද්ගලයින් පස් දෙනෙක් මරා දැමූ පුවතක්  නෝර්වේ රාජ්‍යයේ කොංග්ස්බර්ග් නුවරින් වාර්තා වේ.  දෙදෙනෙක් බරපතල තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊතල ප්‍රහාරය එල්ල වූ කොංග්ස්බර්ග් නගරයේ  ප්‍රහාරය එල්ල වන අවස්ථාව වන විට 28,000 කට වැඩි පිරිසකගෙන් පිරී තිබුණු බව පොලිසිය කියයි. ඊතල ප්‍රහාරය එල්ල වෙද්දී මහත් සේ බියට පත්වුණු පිරිස් හිස් ලූලූ අත දිවගොස් ඇත. සිද්ධිය වූයේ නොර්වේ වේලාවෙන් සවස 6.30 ට පමණය.  ඊතල ප්‍රහාරය ආරම්භ කළ මිනිත්තු 20 ක් ගතවෙද්දී පොලිසිය ප්‍රහාරකයා අල්ලාගෙන තිබිනි.

මෙසේ ඊතල වලින් විද පුද්ගලයින් ඝාතනය කළේ කුමක් නිසාදැයි තවම හෙළි වී නැති බවත් පොලිසිය පවසයි.


පොලිස් විමර්ශකයන් සැක කරන්නේ මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් විය හැකි බවය.  එය තවමත් නිල වශයෙන් තහවුරු කරගෙන නැති බව කියා ඇති  පොලිස්පති ඕවන්ද් අස්  මෙම තැනැත්තා නගරයේ ඇවිදිනමින් දකින දකින පුද්ගලයන් වෙත ඊතල විදින්නට පටන් ගෙන ඇතැයි මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

නෝර්වේ අග්‍රාමාත්‍යවරිය එර්නා සොල්බර්ග් ඔස්ලෝ අගනුවර සිට කියා සිටියේ එම ප්‍රහාරය සැලවීමෙන් තමන් කම්පනයට පත් වුණු බවය. මේ අවස්ථාවේ ජනතාව බියට පත් වී ඇති බව  තමන් දන්නා බවත් පොලිසිය විසින් තතත්වය සමථයකට පත් කර ඇති බැවින්   සියලු කටයුතු යථාවත් කරනු ඇති බවත් ඇය මාධ්‍යයට කීවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රොයිටර්

 

 

 

Exit mobile version