නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය බිඳවැටීමේන් අහිමිවන මෙගාවොට් 270 පිරිමහ ගනී!

Kelanithissa

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන  ජනන යන්ත්‍රය බිඳවැටීමෙන් පසු අහිමි ව යන මෙගාවොට් 270ක විදුලි ධාරිතාවය කැලණිතිස්ස බලාගාරයෙන් සහ ඇඹිලිපිටිය ඒස් පෞද්ගලික බලාගාරයෙන් ලබාගෙන  ඇතැයි විදුලිබල මණ්ඩලය පවසයි.

දැවිතෙල්  මගින් ක්‍රියාත්මකවන කැලණිතිස්ස බලාගාරය හදිසි අවස්ථාවක් සඳහා සූදානම් කර තිබූ බැවින් ඉන් මෙගාවොට් 170ක ධාරිතාවක් ජාතික පද්ධතියට එක් කළ හැකි බව  විදුලි බල මණ්ඩලයේ උක්ත ආරංචි මාර්ග කියයි.

කෙසේ වෙතත් කැලණිතිස්ස බලාගාරයේ දැවිතෙල් භාවිතයෙන් විදුලි ජනනය කරන යන්ත්‍රවල ක්‍රියාකාරිත්වය ගැටලු සහගත බව පසුගිය දා විදුලි ඉංජිනේරු සංගම් අනතුරු අඟවා තිබිණි.

මේ තත්ත්වය තුළ හදිසි විදුලිය මිලදී ගැනීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසමෙන් ඊයේ (27) අනුමැතිය ලබාගෙන පද්ධතියට හිඟ   මෙගා වොට් 100 ඇඹිලිපිටිය ඒස් පෞද්ගලික බලාගාරයෙන් ලබා ගෙන තිබේ.


දැනට අක්‍රියව පවතින දෙවන ජනන යන්ත්‍රය ඔක්තෝම්බර් 1 වනදා ජාතික පද්ධතියට එක් කරන බවත්,   තුන්වන ජනන යන්ත්‍රයද ලබන සඳුදා වනවිට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි බවත්   මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද දිනයේ පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම කීවේය.

Exit mobile version