අද නේපාලයේ කත්මන්ඩු අගනුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් යානයක් ගුවන්ගත වීමේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 18 දෙනෙකු මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ වනවිට අනතුර සිදුවූ ස්ථානයේ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් බලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
Saurya Airlines ගුවන් යානය නෝපාලයේ වැදගත් සංචාරක මධ්‍යස්ථානයක් වන Pokhara වෙත ගුවන් යානය ගමන් ආරම්භ කිරීමට ගුවන්ගත වූ අවස්ථාවේදීම මෙම අනතුර සිදුවන ආකාරය දැක්වෙන දර්ශන මේ මොහොතවන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් ඇත. මේ ඒ බිහිසුනු අවස්ථාවය.
කත්මණ්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී යානය ගුවන්ගත වීමේදී අනතුරට පත්වන විට එහි මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළු 19 දෙනෙකු සිට ඇත.
යානය කඩා වැටුණු නිශ්චිත මොහොත ග්‍රහණය කරගනිමින් නාටකාකාර වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබේ. ත්‍රිභූවන් ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල දුම් පිහාටු සහිත විශාල ගින්නක් නැඟෙන අයුරු දර්ශනවල දැක්වේ. පහත දැක්වෙන්නේ යානය ගිනි ගෙන දැවෙන අයුරුය.
ගුවන් යානයේ කපිතාන් මනීෂ් ශාක්‍යා සුන්බුන් අතරින් බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල වෙත රැගෙන ගොස් ඇත. මේ දැක්වෙන්නේ ගුවන් නියමුවා සුන් බුන් අතරින් බේරා ගත් අවස්ථාවය.








