නෙඩුන්කේණී මෝටාර් තවානට පොලිස් ආරක්ෂාව

දිනසේන රතුගමගේ –

වවුනියාවේ නෙඩුන්කේණී පෙරියමඩු ප්‍රදේශයෙන්  මෝටාර් ජීව උණ්ඩ සහ බිම් බෝම්බ  වළ දැමූ බෝම්බ තවානක් හමු වීමෙන් පසුව  පොලීසිය එම ස්ථානයට ඊයේ (19) සිට පොලිස් ආරක්ෂාව යොදා තිබේ.

පෙරියමඩු ප්‍රදේශයේ වැසියකු ඔහුට අයත් ඉඩමක් සුද්ධ කිරීමට ගිය අවස්ථාවේ දී  පොලොවෙන් යමක් මතු වී ඇති අතර ඔහු ඒ පිළිබඳව සැක සිතා නෙඩුන්කේණී පොලීසියට ඒ බව දැනුම් දී තිබේ.

පොලිසිය අදාල ඉඩමට ගොස් මෝටාර් උණ්ඩ 12  ක්  හා බිම් බෝම්බ 2ක්  ගොඩ ගෙන ඇති අතර  තවත් එම ස්ථානයේ වළ දැමූ මෝටාර් උණ්ඩ විශාල ප්‍රමාණයක් ඇති නිසා එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදවා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නෙඩුන්කේණී පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version