නුවර වාහන තදබදය අඩු කරන්න ගැටඹේ ගුවන් පාලම් පද්ධතියක්

flyover

මහනුවර සහ පේරාදෙණිය අතර දැඩි වාහන තදබදවය අවම කිරීම සඳහා ගැටඹේ රත වාහන සඳහා ගුවන් පාලම් පද්ධතියක් ඉදිකිරීමට රජය පියවර ගෙන ඇත. හංගේරියානු ජන රජයේ මූල්‍ය පහසුකම් මත ඉදි කෙරෙන ගැටඹේ ගුවන් පාලමෙහි ප්‍රධාන පාලම දිගින් මීටර 396.70කින් යුක්ත වන අතර ශාඛා ගුවන් පාලම branch flyover එක දිගේ මීටර 285.00 වන බව මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම පාලමෙහි පළල ආකාර තුනකට ඉදිවෙන අතර ප්‍රධාන ගුවන් පාලම පාලමේ මීටර් 9.40ක් වන අතර එම ප්‍රධාන ගුවන් පාලම branch flyover එකක් සමග එකතුවන විට එහි පළල මීටර 12.90ක් ලෙස ඉදිකරනු ලබයි. මහනුවර දෙස සිට පේරාදෙණිය දෙසට තවත් නිදහස් ගුවන් පාලමක් (branch flyover) ඉදිවන අතර එය මීටර 6.40ක පළලකින් යුක්තය.

මීට අමතරව ගුවන් පාලම යට කොටසේ වාහන තුනක් හා දෙකක් යන ලෙස මාර්ග පද්ධතියක් එම කොටස්වල සෑදීමට සැලසුම් කර ඇති අතර පේරාදෙණිය සිට මහනුවර දෙසට මාර්ගයේ මංතීරු හතරක් සහිත මීටර 30ක් දිග යකඩ පාලමකුත් අලුතින් සෑදීමට සැලසුම් කර ඇත. මේ සඳහා මුළු වියදම රු. මිලියන 9451 වේ. මෙම ව්‍යාපෘතිය මාස 28 කින් නිම කිරීමට අපේක්ෂිතය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගුවන් පාලම් ඉදිකිරීමට සහ කුළුණු මත අධිවේගී මාර්ගය ඉදි කිරීමේ සමාරම්භය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් රටේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් නව තාක්ෂණය භාවිතා කරමින් අරලියගහ මැදුරේ සිට අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්ෂ මහතා අතින් අද නිල වශයෙන් ආරම්භ විය.

Exit mobile version