නුවර පෙරහරේ අලි කුලප්පුවක්… ගැටලුවක් ඇති නොවන සේ තත්වය සමනය කරගනී…

මහනුවර දළදා පෙරහරේ ගමන් ගත් අලියෙක් අද රාත්‍රියේ දී කුලප්පු වුණේය.

මෙසේ කුලප්පු වූයේ කතරගම දේවාලයට අයත් අලි පැටවෙකි. දළදා මාළිගාවේ සිට රැජන හෝටලයට එන අතරතුර මහ මළුව මධ්‍යයේ දී පාලනය කර ගැනීමට නොහැකි සේ එක් වරම නටන්නට පටන් ගත් බව වාර්තා විය. මෙසේ දඟලන්නට වූයේ බෙර හඬ නිසා ද ආලෝක ධාරා නිසාදැයි නොදන්නා බවත් පෙරහර ආරංචි මාර්ග පැවසීය.

අනතුරුව දඟලන අලියාව නුවර වැව පැත්තට වන්නට පිහිටි යකඩ කණුවක ගැට ගසා තබා ඌ සරසා තිබූ ඇඳුම් ආයිත්තම් සහ බැටරි පෙට්ටි ගලවා ඉවත් කරන්නට අනතුරුව ඇත්ගොව්වා ඇතුලු පිරිසක් කටයුතු කර ඇත.


පසුව පත්තිනි දේවාලයේ රන් දෝලාව යන අවස්ථාව වනවිට පශු වෛද්‍ය නිලධාරීන් සහ ඇත්ගොව්වන් කණ්ඩායමක් පැමිණ අලියා සාමාන්‍ය තත්වයෙන් රැගෙන යන්න කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විනාඩි 20ක පමණ කාලයක දී තත්වය සමනය කරගැනීමට හැකි වූ බව පෙරහර ආරංචි මාර්ග පැවසුවේය. මෙම අවස්ථාව පෙරහර සජීවී විකාශනයේ ද විකාශය වුණේය.

Exit mobile version