බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර නගර සභා කඩ කාමරවලින් ලක්ෂ 82ක් ගැසූ කළමනාකරණ සහකාරවරියගේ තවත් කෝටි ගණනක සොරකමක් හෙළි වෙයි!

අවුරුදු හතරට හොරකම් කරලා තිබෙන මුදල දෙකෝටි තිස්පන් ලක්ෂයක්... ඇය බිල්ලට ගියාට ලොක්කො රොත්තක් හොරකමට හවුල් බව සැකයක්!

by editor
ඔක්තෝබර් 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

මහනුවර මහ නගර සභාවේ ආදායම් අංශයේ සේවය කළ කළමනාකරණ සහකාරවරියක  නගර සභාව සතු කඩ කාමර තවත් අයෙකුට පවරා දීමේ දී අය කරන ගාස්තු වලින් රුපියල් 135 93790 ( එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ තුන් දහස් හත්සිය අනූව) ක මුදලක් වංචාකර තිබෙන බව විගණනයේ දී අනාවරණය වී ඇත.

නගර සභාව සතු වෙළෙඳ සංකීර්ණ 04 ක  කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදු කරුවෙකු ගෙන තවත් අයෙකුට පැවරීමේ දී ගාස්තු වශයෙන් අය කළ මුදල් මෙලෙස වංචා කළ බව විගණනයට නිරීක්ෂණය වී තිබේ.

නගර සභාව සතු කඩ කාමර 31 කින්  කඩ කුලී අය කළ බවට  ව්‍යාජ රිසිට් පත් සකස් කර රුපියල් අසූ දෙලක්ෂ හැත්තෑ හත්දහස් අටසීයක (82, 77, 800)  මුදලක් වංචා කළ බවට ද මෙම සේවිකාවට චෝදනා එල්ල වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර මේ වනවිට ඇගේ සේවය අත්හිටුවා තිබේ.

විගණන නිලධාරීන් විසින් අදාළ වංචා සම්බන්ධව අනාවරණය කර ගන්නා අවස්ථාව වනවිට මෙම සේවිකාව  ස්ථාන මාරුවීමක් ලැබ පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ සේවයට ගොස් සිට ඇත.

දැනට අනාවරණය කරගෙන තිබෙන තොරතුරු වලට අනුව මෙම සේවිකාව පසුගිය වසර හතරක කාලයේ දී වංචා කර තිබෙන මුළු මුදල රුපියල් දෙකෝටි දහඅට ලක්ෂ හැත්තෑ එක්දහස් පන්සිය අනූවකි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

නගර සභාව සතු මැණික්කුඹුර, කැප්පෙටිපොල,බෝගම්බර සහ ජොර්ජ් ඊ ද සිල්වා යන වෙළෙඳ සංකීර්ණ 04 ක කඩ කාමර 18 ක බදු අයිතිය එක් බදු කරුවෙකු ගෙන් තවත් බදු කරුවෙකුට පැවරීමේ දී නීතී රීති චක්‍රලේඛ ප්‍රකාරව තීරණය කළ ගාස්තු නගර සභා අරමුදලට බැර නොකර 1,35, 93, 790  (එක් කෝටි තිස් පන් ලක්ෂ අනූ තුන් දහස් හත්සිය අනූව) ක මුදල වංචා කර තිබෙන බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන විමසුමේ දක්වා තිබේ.

විගණන විමසුමේ පිටපත් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම්, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්, පළාත් පාලන කොමසාරිස් හා පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) වෙත යොමුකර ඇත.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලික පැවසුවේ විගණන විමසුම පදනම් කර ගනිමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුගත කිරීමේ යෝජනාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට… ඇමති කියයි!

Next Post

කැබිනට් සංශෝධනයේ දී ජනාධිපතිවරයා ක්‍රියා කළ හැටි ගැන පක්ෂයක් විදිහට දැඩි විරෝධය පල කරනවා… පොහොට්ටුව කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.