මහනුවර කොළඹ මාර්ගය අද අලුයම සිට සියලුම රථවාහ සඳහා පැය විසි හතර පුරා විවෘත විය. ඒ අනුව මේ වනවිට හි වාහන ධාවනය ඇරඹී ඇති බව පොලිසිය සඳහන් කරයි. පහළ කඩුගන්නාව කොටසේ මාර්ගය දෙපස ස්ථාන ගණනාවක ගල් පෙරළීම් සහ නාය යාම් සිදුව ඇති බැවින් එම ප්‍රදේශ අනතුරුදායක නොවන ලෙසට වාහන ගමනාගමනයට සුදුසු තත්ත්වයට පත් කිරීමට දින ගණනාවක් කටයුතු කෙරිණි.
මේ අතර පේරාදෙණිය සිට ගම්පල හරහා පුස්සැල්ලාව දක්වාත් නුවරඑළියට යන වාහනවලට කොත්මලේ හරහාත් ගමන් කිරීමට හැකියාව ඇති බව පොලිසිය සඳහන් කරයි.ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය මහනුවර වැනි ප්‍රදේශවල සිට ආහාර ඇතුළු සැපයුම් එහා මෙහා ප්‍රවාහනය කිරීමේ ගැටලු අවම වී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.







