නුවරට දුන්නු ස්පුට්නික් එක මාත්‍රාවක් විතරක් වුනත් ඇති… මහාචාර්ය සිසිර සිරිබද්දන

කිසිම තැනක විද්‍යාත්මකව ඒ බව ඔප්පු කරලා නෑ… සෞඛ්‍ය අංශ ආරංචි මාර්ගම පෙන්වා දෙයි...

ස්පුට්නික් එන්නතින් මාත්‍රා 185000 ක් ලැබීමට නියමිතව තිබුණද අදාල සමාගමයට සැපයීමට හැකිව ඇත්තේ මාත්‍රා 50000ක ප්‍රමාණයක් බැවින් එම එන්නත් මාත්‍රා 50000 නුවර ජනතාවට ලබා දීමට කටයුතු කළ බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමන සැපයීම අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේය.

ඉතිරි එන්නත් ප්‍රමාණය ලැබීමෙන් අනතුරුව පළමු මාත්‍රාව ලබා දුන් පුද්ගලයින්ට දෙවන මාත්‍රාවද ලබා දීමට කටයුතු කරන බවද ලේකම්වරයා කීය.

කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමේදී පුද්ගලයෙකුගේ ශරීරයේ ප්‍රතිදේහ යම් කාලයකට නිපදවෙන අතර දෙවන මාත්‍රාව ලබා දීමේදී එම කාලය තවත් දීර්ඝ වන බව ඔහු පෙන්වා දුන්නේය.


කෙසේ නමුත් මාත්‍රා දෙකම ජනතාවට ලබා දීමට ගත හැකි සෑම ක්‍රියා මාර්ගයක්ම ගන්නා බව සඳහන් කළ ලේකම්වරයා විදේශයන්ගෙන් එන්නත නොලැබුණද මෙරට එන්නත් නිෂ්පාදනය කඩිනමින් සිදුකිරීමට මේ වන විටත් කටයුතු යොදමින් පවතින බව ද පැහැදිලි කළේය.

නුවර ජනතාවට ස්පුට්නික් එන්නතේ එක්මාත්‍රාවක් පමණක් ලබා දිම සම්බන්ධයෙන් අප ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු වැඩබලන සභාපති මහාචාර්ය සිසිර සිරිබද්දනගෙන් විමසුවෙමු.

එවිට ඔහු සදහන් කළේ “ ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව මගින් මාස ගණකට ප්‍රතිශක්තිය ඇතිකරනවා. මෙන්ම වයිරසය ආසාදනය වුණත් අසාධ්‍ය තත්ත්වයට පත් වන්නේ නෑ“ කියාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන නමුත් දෙවන මාත්‍රාව ලබා දීමට එන්නත ලැබෙන්නේ නම් එය දීමෙන් එම පුද්ගලයාගේ මාස ගණනාවක් ප්‍රතිශක්තිය ගොඩනැගෙන බව ඔහු කීවේය.

ස්පුට්නික් එන්නතෙහි අතුරු ආබාධයන් නැති තරම් වන බැවින් එහි එක්මාත්‍රාවක් හෝ ලබාගැනීමට හැකිවීම වඩාත් යෝග්‍ය යැයිද ඔහු පෙන්වා දුන්නේය.

ස්පුට්නික් එන්නත සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මෙතෙක් ලැබී නොමැති වුවද ලොව පුරා රටවල් ගණනාවත් මෙම එන්නත විශාල වශයෙන් භාවිත කරන බවද වෛද්‍ය සිරිබද්දන සඳහන් කළේය.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේම ආරංචි මාර්ග හෙළි කරන්නේ වෛද්‍ය සිරබද්ධන පවසන මේ කතාව කිසිම අවස්ථාවක විද්‍යාත්මකව තහවුරු කර නැති බවය.
මෙහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සඳහන් කළේ මෙවැන්නකි.

නුරව ජනතාවට කොවිඩ් මර්දන ස්පුට්නික් එන්නත ලබා ගැනීමේදී “පළමු මාත්‍රාව පමණක් වුවද ලබා ගැනීමට කැමැත්තෙමි” යන්න මුද්‍රාවක් යටතේ ලියවිල්ලකට අත්සන් ගැනීම සම්බන්ධයෙන් තම සංගමය දැනුවත් නොමැති බවත් එම මුද්‍රාව වසංගතරෝග විද්‍යා අංශයේ දැනුවත් විම මත නිකුත්කළ දෙයක්ද යන්න පිලිබඳව වහාම හෙලිදරව් කළ යුතු යුතු බවත්ය.

කෙසේ නමුත් ලොව පුරා කොවිඩ මර්දනය එන්නත ලබා දීමේදී මාත්‍රා දෙකක් ලබා දෙන බවත් එක්මාත්‍රාවක් ලබා දීම මගින් ප්‍රතිශක්තිය සියයට 50කින් වර්ධනය වන අතර ඉතිරි සියයට 50 වර්ධනය වීමට නම් දෙවන මාත්‍රාව ලබා ගත යුතුව ඇතැයිද ඔහු අවධාරණය කළේය.



.

Exit mobile version