දිනසේන රතුගමගේ –
යාපනය නගරාසන්නයේ පිහිටි කෝවිලක සෙනසුරු පූජාවක් තැබීමට පැමිණි පිරිසක් අතරින් නිරෝධායන රීති උල්ලංඝණය කළ 11 දෙනෙකු පොලීසිය හා ගුවන් හමුදාව විසින් 29 දා අත් අඩංගුවට ගෙන තිබේ.
ගුවන් හමුදාවේ ඩ්‍රෝනා කැමරා මෙහෙයවන කණ්ඩායම විසින් මේ පුද්ගලයින්ව නිරීක්ෂණය කිරීමෙන් පසුව යාපනයේ පොලිස් යතුරු පැදි ඒකකය දැනුවත් කර අත් අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
යාපනය පොලීසිය එම සැකකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.