නීතියේ ආධිපත්‍ය තහවුර වෙයි… ජනපති නිවස අසල උද්ඝෝෂණයේ දී සැක පිට අත්අඩංගුවට ගත් 48කට ඇප…

නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරගැනීම සඳහා කිසිදු පක්ෂ භේදයකින් තොරව අද අලුයම සිට කිසිදු අයකිරීමකින් තොරව ස්වේච්ඡාවෙන්   ඉදිරිපත් වූ ජනාධිපති නීතිඥවරුන් ඇතුළු පන්සියයට අධික නීතිඥ පිරිසකගේ තීරණාත්මක නෛතික මැදිහත්වීමකින් ගොඩ නැගූ නෛතික පදනම මත පිහිට    මිරිහාන ජනාධිපති නිවස අසල උද්ඝෝෂණයේ දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 54 දෙනාගෙන් 48 දෙනෙක්   පුද්ගල ඇප මත නිදහස් කරගැනීමට  නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මීට ටික වෙලාවකට පෙර නියෝග කළේය.

හය දෛන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කර තිබුණත් එම පෙරට්ටුව පවත්වීමට නොහැකි වීම නිසා ඔවුන්ට ඇප ලබා ගත නොහැකි වූ බව ද නීතිඥවරු කීහ.

මෙහිදී නීතිඥවරුන් පෙන්වා දුන්නේ දින තුනක් හෝ මේ පිරිස බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා විසින් අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබියදී පොලිසිය විසින් පොදු දේපල පනත යටතේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිය දී ගොඩ නැගූ නෛතික කරුණු මත පදනම් සැකකරුවන් වෙත ඇප ලබා දීමට මහේස්ත්‍රාත්වරයා තීන්දු කළ බව නීතිඥවරු පැහැදිලි කළහ.


“සියලුම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥමහත්වරු තර්ක කළේ එක් පදනමක් මත ඉඳගෙන. පොලිසියේ බී වාර්තාවේ අඩංගු වෙන්නෙ නෑ මේ එක් එක් සැකකරුවන් කළ වරද මොකක් ද කියලා.  ඔවුන්ට එරෙහිව  සාක්ෂි සම්පින්ඩනයක් නෑ. ජනාධිපති නීතිඥවරු තර්ක කළේ  මේ සැකකරුවන් කළ වරද  ගැන සාක්ෂා සාක්ෂි නෑ කියන කාරණාව.  ඒ පදනම මත ඉඳන් විනිශ්ඡිත නඩු ගෙනහැර දක්වමින් සියලුම ජනාධිපති නීතිඥවරු පෙන්වා සිටියේ නඩුකාර තුමා රබර් මුද්‍රාවක් නොවන බවත් අපරාධ නඩු විධි විධාන සංග්‍රහයේ 115වනි වගන්තිය යටතේ පොලිසිය   සාක්ෂිවල සම්පිණ්ඩනයක් දක්වන්න ඕන. එසේ කර නැති නිසා සුවිශේෂී කරුණක් ලෙස සලකලා ගරු මහේස්ත්‍රාත්තුමා විසින් සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවා.“ නීතිඥවරු කීහ.

දින තුනකට හෝ බන්ධනාගාරගත කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම කළ පටු ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළ බවද නීතිඥවරු කීහ.

“අද විශේෂ දිනයක්.  නීතිඥ සංගමය නීතිඥ ප්‍රජාව පන්සියයක් පමණ එක් වී මේ කැපකිරීම කළේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරමේ අරමුණිනින්. නීතිඥවරු ස්වාධීනව අද දින පැමිණියේ පක්ෂ භේදයකින් තොරව. කිසිදු ගාස්තුවක් නැතිව සංවිධානයකින් තොරව.    උදේ ඉඳන් මිරිහාන පොලිසියෙ රැඳී සිටිමින් ඇප ලබා දෙන තෙක් විශාල සහයෝගයක් ඔවුන් ලබා දුන්නා.

“සාධාරණ ජනතා  උද්ඝෝෂණයට බැටන් පහර දීලා, කඳුලු ගෑස් ගහලා, ගෙවල්වලට ගිහින් අත්අඩංගුවට ගෙන පරහරදීල අද උසාවියෙ පොදු දේපල පනත යටතේ ලක්ෂ තුන්සීයකට අධික හානියක් සිදුකළා කියලා රක්ෂිත බන්ධනාගාරගත කරන්න නඩු දැම්මෙ.“

“සාමාන්‍යයෙන් මහේසත්‍රාත්වරයෙකුට පොදු දේපල වැරදි යටතේ එක් වරම ඇප දෙන්න බෑ. පොදු දේපල පනත යටතේ ඇප දෙනවා නම් සුවිශේෂී කරුණු තියෙන්න ඕන.“

“ගරු මහේස්ත්‍රාත්තුමා ඉතා සමාකාමීව දෙපැත්තටම ඇහුම්කන් දීලා ඉතා සූක්ෂමව සලකා බලලා සැකකරුවන් ඉදිරිපත් කරලා තියන කරුණු අනුව මේ සැකකරුවන් විස්තර කරන අපරාධය කළ බවට කරුණු නැති නිසා හුදු වාර්තාවක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමට අධිකරණය ලවා උත්සාහ දැරීම ප්‍රතික්ෂේප කරමින්  ඇප ලබා දුන්නා. “

“එය ඉතාම අගයකරනවා.   හැම තිස්සෙම අපි තේරුම් ගන්න ඕන ව්‍යවස්ථාව හා විධායකය ජනතා අයිතිවාසිකම් නැති කළා. යන්තම් හරි ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් රැකිලා තියෙන්නෙ අධිකරණය තුළ තමයි. ඒක අද හොඳටම ඔප්පු වුනා.“ නීතිඥවරු වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රැස්ව සිටි ජනතාව ගේ අත්පොලසන් මැද ප්‍රහර්ශමත් ප්‍රීතිඝෝෂා මැද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නීතිඥවරු පිටව ගියහ.

Exit mobile version