විජේදාස පාර්ලිමේන්තුවට කීවේ බොරු ද? නීතිපති සහ නීති ප්‍රවීණයන් අතර සාකච්ඡාවේදී එක්ස්ප්‍රස්පර්ල් නඩුව සිංගප්පූරුවේ පවරන්න එකඟ නොවුන බව නීති ප්‍රවීනයො කියති…

පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වූ කතාවක්!

නීතිපති සහ නීති ප්‍රවීණයන් අතර පැවති සාකච්ඡාවේදී එක්ස්ප්‍රස්පර්ල් පර්ල් ආපාදාව සම්බන්ධයෙන් සිංගප්පූරුවේදී නඩු පැවරීමට එකගත්වයක් පළ නොවූ බව පසුගිය 25 වැනිදා පැවති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.

පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස් වූ අවස්ථාව…

 

පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අවසන් වරට රැස්වූ අවස්ථාවේදී ගත් තීරණයක් මත නීතිපතිවරයා සහ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අතර පසුගියදා පැවති රැස්වීමේදී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරට අදාළ නඩුව සිංගප්පූරුවේ පැවරීම පිළිබද කිසිදු එකගතාවකට නොපැමිණි බව මෙහිද සාගර නීතිය පිළිබද විශේෂඥයකු වන ආචාර්ය ඩෑන් මාලික ගුණසේකර  කීය.

මෙරට නඩුව ගොනු කිරීම වාසි සහගත බව එහිදී බහුතරයක් නීති විශාරදයින් පවසා සිටි බව ආචාර්යවරයා පැවසීය. එසේම මීට පෙර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් පත්කළ නීති ප්‍රවීණයන්ගෙන් සැදුම් ලත් කමිටු වාර්තාවේද මෙරට නඩු පැවරීම යෝග්‍ය බව සදහන් වූයේ යැයි ආචාර්යවරයා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් පෙරේදා පාර්ලිමේන්තුව අමතා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පැවසුවේ ඊට හාත්පසින්ම වෙනස් කතාවකි. ඔහු කිවේ  ලංකාවේ නඩු පැවරිය යුතු බව පැවසූ ප්‍රධාන විද්වතුන් තිදෙනාම නීතිපතිවරයා සම්මුඛ කරවා තමන් ද සම්බන්ධ වූ සාකච්ඡාවක දී එම විද්වතුන් තිදෙනාම සිය මතය වෙනස් කර සිංගප්පූරුවේ නඩු දැමීමට එකඟ වූ බවය.


අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පෙර්දා  පාර්ලිමේන්තුවේ දී පැවසුවේ මෙසේය.

” නඩු කටයුත්ත පිළිබඳව රට තුළ විශාල මතයක් ගොඩනැගුවා. කණ්ඩායමක් කියනවා මේ නඩු පවරන්න ඕනී ලංකාවේ කියලා. කණ්ඩායමක් කියනවා සිංගප්පූරැවේ කියලා. මේ සම්බන්ධව මීපා ආයතනය විශේෂඥ කමිටුවක් පත් කරලා ජනාධිපති නීතීඥ රොනල්ඩ් පෙරේරා, ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර සහ මාලක ගුණසේකර මහතා ඊට පත් කළා. ඔවුන් කියලා තියෙනවා අනිවාර්යෙන්ම මේ නඩු පැවරිය යුත්තේ ලංකාව තුළ කියලා.”

“ඒ කරැණු ඉදිරිපත් කළාට පස්සේ මම ඔවුන්ට ආරාධනා කළා. ඒ වගේම අනිත් පැත්තෙන් නීතිපතිතුමාටත් ආරාධනා කළා. එතනදි මම කිව්වා සාකච්ඡා කරලා හරි දේ මොකක්ද කියලා බලන්න කියලා. ඒ සාකච්ඡාව අවසානයේදී ලංකාවේ නඩු පැවරිය යුතුයි කියලා උපදෙස් ලබා දුන් විශේෂඥයෝ තුන්දෙනාම නීතිපතිතුමාගේ මතය අනුව සිංගප්පූරැවේ මේ නඩුව පැවරැවොත් තමයි ශ්‍රී ලංකාවට වාසිය තියෙන්නේ කියන කාරණය නිවැරදියි කියලා පිළිගත්තා. ඒ අනුව තමයි අපි මේ කටයුත්ත සිදු කරගෙන ගියේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය තුළ  කරුණු කාරණා සහ තත්ත්වයන් පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීම වඩා යෝග්‍ය බව ද මෙහිදී සාකච්ඡා විය.

 

 

Exit mobile version