නීතිපති කොළඹ මහේස්ත්‍රාත්වරියකට බලපෑම් කළැයි විරෝධය පෑ මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ පිරිසක් ගැන විමර්ශනයක්!

වහාම විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් කෙසෙල්වත්ත පොලිසියට නියෝග කරයි...

නිමන්ති රණසිංහ

“නිතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට බලපෑම් එල්ලකළැයි” කියමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත උල්ලංඝණය කළැයි කියන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥවරුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කෙසෙල්වත්ත පොලීසියට අද (20) නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතීඥවරුන් 50කට අධික සංඛ්‍යාවක් සහ අරගලයේ යැයි කියාගන්නා පිරිසක් එක්ව ඉකුත් 18 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා මංමාවත් පනත, මැතිවරණ පනත සහ පොලිස් ආඥා පනත යන පනත් උල්ලංඝණය කරමින් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය පවත්වන බවට කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මේ හේතුවෙන් මෙම විරෝධතාකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු දැනුවත් කර අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ප්‍රගතිය දැක්වෙන වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෙසෙල්වත්ත පොලීසියට නියෝග කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලංකාදීප –

Exit mobile version